මේ වන විට අභ්‍යාවකාශයේ මිනිසුන් කොපමණ ප්‍රමාණයක් ජීවත් වෙනවා ද ?

මේ වන විට අභ්‍යාවකාශයේ මිනිසුන් කොපමණ ප්‍රමාණයක් ජීවත් වෙනවා ද ?

තාක්ෂණය ගැන උනන්දුවෙන් පසු වෙන ඔබ සැම අභ්‍යවකාශ මධ්‍යස්ථාන ගැන අසා ඇති බවට සැකයක් නැ. ඒ වගේම ඔබට මතක ඇති මිට පෙර අප විසින් මෙලෙස අභ්‍යාවකාශ ගත වි තිබෙන එක් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් වන අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථාන ගොඩ නැගුනේ කෙසේද යන්න පිළිබඳවත් ලිපියක් ගෙන ආ බවට. ඒ වගේම සමහර විට ඔබ දන්නවා ඇති මේ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අමතරව චීනය විසින් අභ්‍යාවකාශ ගත කළ Tiangong එසේත් නැති නම් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයත් මේ වන විට අභ්‍යාවකාශය තුළ තිබෙන බව.

Source: Race to space

මේ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිර්මාණය කර තිබෙන්නේ සෑම අවස්ථාවකම එහි අභ්‍යාවකාශගාමින් සහ ගගනගාමීන් ආදි එහි කාර්යමණ්ඩලයට සිටිමට හැකි වන පරිදියි. එම නිසා සෑම අවස්ථාවකදීම මෙහි, එනම් 2000 වසරේදී P6 Truss කොටස තාවකාලිකව Z1 Truss කොටසේ සවි කර ගගනගාමීන්ට ජීවත් වීමට අවශ්‍ය පරිසරය සැකසීමත් සමග අද දක්වා අඛණ්ඩ මිනිස් පැවැත්මක් අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තුළ පවතිනවා. ඒ වගේම මීට අමතරව චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ 2022 සිටත් අද දක්වා අඛණ්ඩ මිනිස් පැවැත්මක් තිබෙනවා.

ඉතින් මෙලෙස 2000 වස⁣රේදී සිට අඛණ්ඩ මිනිස් පැවැත්මක් තිබෙන අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (International Space Station) සහ චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (Tiangong) මේ වෙන විට මිනිසුන් 14ක සංඛ්‍යාවක් ජිවත් වනු ලබනවා. එනම් මෙම අභ්‍යාවකාශ මධ්‍යස්ථානවල සේවය කරනු ලබනවා.

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ජිවත්වන පුද්ගලයන් :

• Sergey Prokopyev (Roscosmos)‌‌

• Dmitry Petelin (Roscosmos)‌‌

• Frank Rubio (NASA)‌‌

• Nicole Mann (NASA)‌‌

• Josh Cassada (NASA)‌‌

• Koichi Wakata (JAXA)‌‌

• Anna Kikina (Roscosmos)‌‌

• Stephen Bowen (NASA)‌‌

• Warren Hoburg (NASA)‌‌

• Andrey Fedyaev (Roscosmos)‌‌

• Sultan Al Neyadi (MBRSC)

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ජිවත්වන පුද්ගලයන් :

• Fei Junlong (CNSA)‌‌

• Zhang Lu (CNSA)‌‌

• Deng Qingming (CNSA)

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ NASA, Roscosmos, JAXA සහ MBRSC ආයතනවල පුද්ගලයින් ද චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ CNSA පුද්ගලයන් ද සේවය කරනු / ජිවත්වනු ලබනවා.

Source: spaceexplored

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna