ශ්‍රී ලංකාව සඳහා නිල වශයෙන් HOTWAV Smartphones හඳුන්වා දීමට කටයුතු කරයි

HOTWAV Smartphone Brand එක ශ්‍රී ලංකාව සඳහා නිල වශයෙන් හඳුන්වා දීම පසුගියදා (ජුනි 18) කටුනායක Eagles' Lagoon View හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව සිදුවුණා.

ශ්‍රී ලංකාව සඳහා නිල වශයෙන් HOTWAV Smartphones හඳුන්වා දීමට කටයුතු කරයි

Smart phones, Rugged phones, Rugged tablets සහ Rugged Smartwatches සඳහා ජනප්‍රිය Brand එකක් වන HOTWAV Brand එක ශ්‍රී ලංකාව සඳහා නිල වශයෙන් හඳුන්වා දීම පසුගියදා (ජුනි 18) කටුනායක Eagles' Lagoon View හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව සිදුවුණා.

ශ්‍රී ලංකාවට HOTWAV Smartphone ගෙන්වා බෙදා හැරීම සිදු කරන Poova Holdings Private Limited හි ප්‍රධානීන් වන Ray Chaw (Managing Director), ශෙරිෆ් අසංක (Director), තරංග වීරසිංහ (Director) යන මහත්වරුන්, අලෙවි නියෝජිතයින්, Tech YouTubersලා සමඟින් සාර්ථකව පැවැත්වුන අතර මේ සඳහා Android වැඩකාරයෝ අපටත් සහභාගී විමේ අවස්ථාව උදා වුණා.

මෙහිදි ඔවුන් විසින් ශ්‍රී ලංකා වෙළදපොල සඳහා Entry Level Smartphone එකක් වන HotWav Note 13 Smartphone එක හඳුන්වා දෙනු ලැබුවා. ඒ වගේම ඉදිරියේදී තවත් HotWav Smartphones ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට ඔවුන් කටයුතු කරන බවටත් වැඩි දුරටත් ප්‍රකාශ කරනු ලැබුවා. බොහෝ විට ඉදිරියේදී මේ දිනවල ජනප්‍රිය Rugged Smartphone එකක් වන HotWav Cyber 15 Rugged Smartphone එකත් නිල වශයෙන් ශ්‍රී ලංකාවට නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

රු.31,999.00 මිලකට හඳුන්වා දුන් Note 13 Smartphone එක අගල් 6.6ක HD+ Display එකකින් සමන්විත වන අතර මෙය 90Hz Adaptive Refresh Rate එකකින් ද සමන්විත වනවා. 50MP AI Dual Camera Setup එකකින් සහ 5160mAh Battery Capacity එකකට හිමිකම් කියන මෙය ඔබට දවස පුරාම කිසිදු ගැටලුවක් නොමැතිව භාවිත කළ හැකියි.

Virtual RAM පහසුකම සමඟින් 8GB දක්වා RAM ධාරිතාවය ඉහළ නංවා ගත හැකි අතරම 128GB Storage එකක් ලබා දී තිබෙනවා.

මීට අමතරව ඔවුන් විසින් මේ Smartphone එක සමඟ Charger Doc එක, Charging Cable එක, Protective Case එක සහ Screen Protector එකකුත් ලබා දී තිබෙනවා. එමෙන්ම මේ HotWav Note 13 Smartphone එක සඳහා වසරක Poova Warranty එකකුත් හිමිවනු ලබනවා.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara