දෙසැම්බරයේ අවසන් ගමන් යන HMD Connect

දෙසැම්බරයේ අවසන් ගමන් යන HMD Connect

ඔබ අප සැම දෙනාම එදිනෙදා භාවිතා කරනු ලබන Mobile Data සඳහා අපගේ රට තුළ පවතින Service Providers විසින් ලබා දෙන සේවාව ඔස්සේ ලබාගැනීම සිදුකරයි. එලෙස 2020 වසරේ අගභාගය වන විට HMD Global සමාගම විසින් ලබා දුන් HMD Connect නම් වූ Data SIM කාඩ් පිළිබඳව ඇතැම් විට ඔබ අසා ඇත. එලෙස ලබා දුන් HMD Connect සේවාව වසර දෙකකට පමණ පසු මෙම වසරේ දෙසැම්බරයේ දී අත්හිටුවීමට තීරණය කර ඇති බවට එම සමාගම සඳහන් කරයි.

HMD Connect සිම් කාඩ්පත් වෙනත් සමාන්‍ය සේවාවන් සපයන සිම්කාඩ්පත් වලින් වෙනස් වන්නේ මෙය රටවල් 120 ක් සඳහා වලංගු වන අතර සංචාරය කරන පුද්ගලයෙකු නම් රටකින් රටකට ගමන් කිරීමේදී HMD Connect සිම් කාඩ්පතක් ඇත්නම් නැවත වෙනත් කාඩ්පත් වෙත මාරු වීමට අවශ්‍ය නොවීමයි. එමෙන්ම ඒ සඳහා කිසිඳු අමතර ගාස්තුවක් අය නොවීම ද විශේෂත්වයකි.

මෙහි ආරම්භක අවස්ථාවේදී සඳහන් කළ පරිදි පළමුව පාරිභෝගිකයා වෙත 1GB Data ප්‍රමාණයක් දින 14ක් කාලයක් දක්වා ලැබෙන අතර ඉන්පසු අවශ්‍ය ආකාරයට පාරිභෝගිකයා හට Data එකතු කර ගැනීමට හැකියාව ලබා දී තිබීමයි.

කෙසේ නමුත් මෙම වසරේ දෙසැම්බර් 15 වන දින සිට මෙම HMD Connect සේවාව අත්හිටුවීමට තීරණය කර ඇති අතර නොවැම්බර් මස 15 වන දින සිට සිය පාරිභෝගිකයින් සඳහා නව Data Plan Activate කිරීමට ඇති අවස්ථාව අහිමි කර ඇත. නමුත් මේ වන විටත් Data Plans සක්‍රීය කොට පවතින පාරිභෝගිකයින් සඳහා දෙසැම්බර් 15 දක්වා අඛණ්ඩව සේවාව ලබා දෙන බවත් ඉන් පසුව ඉතිරිවන Data ප්‍රමාණය සඳහා වැයවන මුදල නැවතත් පාරිභෝගිකයා වෙත ලැබීමට (Refund කිරීමට) සලස්වන බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කරනු ලබයි.

මෙම සේවාව දියත් කරනු ලැබූවේ ලොව පුරා සංචාරය කරන්නාවූ පුද්ගලයන් ප්‍රධාන ඉලක්කය කරගෙන වුවත් මෙම සේවාව දියත් කළ වකවානුව තුළ පැවති ලෝක වසංගත තත්ත්වා හමුවේ පැවති සංචරණ සීමා හේතුවෙන් මෙම සේවාව බොහෝමයක් පාරිභෝගිකයින් අතට පත්වීමට යම් කාලයක් ප්‍රමාද විය. මෙම තීරණය පිළිබඳව මේ වන තෙක් සමාගම විසින් නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නොමැති පසුබිමක HMD Connect වෙතින් පළ කරනු ලැබූ සටහනක ඉහත කරුණු අන්තර්ගත විය.

Sources: gadgets360.com nokiamob.net

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara