Huawei සමාගම විසින් තම නවතම Kirin 9000 chipset එක 2020 IFAහිදී ප්‍රකාශය පත් නොකිරීමට තීරණය කරයි

Huawei සමාගම විසින් තම නවතම Kirin 9000 chipset එක 2020 IFAහිදී ප්‍රකාශය පත් නොකිරීමට තීරණය කරයි

මීට පෙර දිනයකදී Huawei සමාගමේ Consumer Business Unitහි ප්‍රධානියා වන Richard Yu විසින් Huawei සමාගම තම Kirin chipset නිෂ්පාදනය එළඹෙන සැප්තැම්බර් 15 වනදා සිට නැවැත්වීමට තීරණය කර ඇතැයි යන්න පවසමින් කල ප්‍රකාශයක් පාදක කරගෙන අප විසින් ඔබ වෙත Huawei සමාගමට ඇති ඇමරිකානු සම්බාධක පුළුල් වීමත් සමඟ Kirin chipset නිපදවීම සැප්තැම්බර් 15 වනදායින් නිමාවේ යන සිරස්තලය රැගත පුවතක් ගෙන ආ බව ඔබට මතක ඇති.

මෙයට අනුකූලව පසුගිය සැප්තැම්බර් 3 වන දිනදී Huawei සමාගම විසින් මේ වන විටත් TSMC සමාගම් සමඟ එක්ව නිපදවමින් පවතින් flagship SoC එක වන Kirin 9000 chipset එක මෙම වසරේ IFAහිදී ප්‍රකාශයට පත් නොකිරීමට තීරණය කර ඇත.

මෙයට ප්‍රධාන හේතු දෙකක් ලෙස

  1. ඔවුන්ගේ නවතම SoC එක වෙත අනවශ්‍ය අවධානයක් ලැබීම වැළක්වීම
  2. සැප්තැම්බර් 14 දින අවසන් වන විට ඇමරිකානු Software සහ Hardware තාක්ෂණය භාවිතා කරමින් නිෂ්පාදන කටයුතු වල යෙදෙන සමාගම් වෙත Huawei සමාගම සමඟ ගණුදෙනු කිරීම තහනම් කිරීම නිසා TSMC සමාගමට අදාල කාල සීමාව තුල Huawei සමාගම විසින් කල ඇණවුම නිම කිරීමට හැකියාව ලැබේද යන්න ඇති අවදානම

යන කරුණු දක්වා ඇත.

නමුත් මේ වන විටත් TSMC සමාගම තමන් භාරගත් එම ඇණවුම සැප්තැම්බර් 15 වනදාට පෙර නිම කර භාරදීමේ පරමාර්ථයෙන් දිවා රෑ වෙහෙසෙමින් නිෂ්පාදන කටයුතු වල යෙදෙන බව වාර්තා කර තිබෙනවා. Kirin 9000 යනු TSMC සමාගම විසින් නිපදවන ප්‍රථම 5nm SoC එක වීමත් විශේෂත්වයක්. TSMC පාර්ශවයෙන් වාර්ථා වන අන්දමට Kirin 9000 සඳහා ඔවුන්ට units මිලියන 15ක ඇණවුමක් ලැබී ඇති අතර මෙය Huawei Mate 40-series සඳහා භාවිතා කිරීමට නියමිතය.

Source: sohu & GSM Arena

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara