Microsoft සම නිර්මාතෲ Bill Gates විසින් iOS වලට වඩා Android වලට කැමති බව ප්‍රකාශ කරයි

Microsoft සම නිර්මාතෲ Bill Gates විසින් iOS වලට වඩා Android වලට කැමති බව ප්‍රකාශ කරයි

2008 වර්ෂයේ සිටම මේ වන තෙක්ම සහ ඉදිරියටත් අඩු හෝ වැඩි ආකාරයට ගෝලීය වශයෙන් සෑම රටකම තියෙන මත භේදාත්මක තත්වයක තමයි iOSද වඩා හොඳ, නැත්තම් Androidද වඩා හොඳ කියන එක. මේ මෙහෙයුම් පද්ධති දෙකටම die hard fansලා ලොව පුරාම සිටින අතර ඔවුන් අතර නිරතුරුවම අඩු හා වැඩි වශයෙන් මෙම මෙහෙයුම් පද්ධති දෙකෙන් වඩාත්ම හොඳ කුමක්ද යන්න නිරතුරුව මත භේදාත්මක කරුණු ඉදිරි පත් වෙනවා.

බොහොමයක් මේ වන විටත් Open-source මෙහෙයුම් පද්ධතියක් වන Android මෙහෙයුම් පද්ධතිය සහ එහි ecosystem එක සමඟින් බැඳී ඇති අතර, ඒ හා සමානවම පහසුකම් ඇති closed source ආකාරයට නිර්මාණය කර ඇති iOS සමඟ වන Apple ecosystem එක සමඟ බැඳී ඇත. මෙහි කතානායකවරයා වන Bill Gates, ඔහුගේ daily driver එක විදිහට තෝරාගෙන ඇත්තේ Android ජගම දුරකතනයකි.

මෑතකදී CNBCහි මාධ්‍යවේදියෙකු වන Andrew Ross Sorkin සමඟ සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී Bill Gates විසින් ප්‍රකාශ කර ඇත්තේ ඔහු iOS වලට වඩා Android මෙහෙයුම් පද්ධතියට ප්‍රිය කරන බවත්, Android මෙහෙයුම් පද්ධතිය open-source වීම නිසා iOS වලට වඩා වඩාත් නම්‍යශීලී වීම එයට හේතුව බවත්‍ ය.

“I actually use an Android phone. Because I want to keep track of everything, I’ll often play around with iPhones, but the one I carry around happens to be Android,”.

නමුත් මේ ප්‍රකාශය කරන විට Bill Gates සතුව iPhone එකක් ඇත්තේ ඇයිද යන්න ඇසූ විට ඔහු විසින් එයට පිළිතුරු ලෙස ලබා දී ඇත්තේ ඔහුට Android මතදී භාවිතා කල නොහැකි Clubhouse වැනි යෙදවුම් භාවිතා කිරීමට iOS ධාවනය වන උපාංගය අවශ්‍ය වීමයි. මේ වන විට Clubhouse සේවාව ලබා ගැනීමට නම් iOS ධාවනය වන උපාංගය සතු වීම අනිවාර්‍ය වෙනවා. නමුත් ඉදිරියේදී එය Android සඳහාද ලබා දීමට කටයුතු කරනු ඇත. (ඔහු මෙම ප්‍රකාශය සිදු කරන කාලය වන විට Android සඳහා Clubhouse නිකුත් කර තිබුණේ නැත.)

වැඩිදුරත් ප්‍රකාශ කරමින් Bill Gates පවසා තිබුණේ, ඇතැම් Android උපාංග නිපදවන සමාගම් විසින් මේ වන විටත් Bill Gatesට භාවිතා කිරීමට අවශ්‍ය වන Microsoft යෙදවුම් ඔවුන්ගේ ජංගම දුරකතන මත pre-installed කර එවීමද Bill Gates හට iPhone එකක් භාවිතා කිරීමට වඩා Android ජංගම දුරකතනයක් භාවිතා කිරීමට පොළඹවා ඇත.

“Some of the Android manufacturers pre-install Microsoft software in a way that makes it easy for me. They’re more flexible about how the software connects up with the operating system. So that’s what I ended up getting used to. You know, a lot of my friends have ‌iPhones‌, so there’s no purity,”.

නමුත් Bill Gates විසින් මේ වන විටත් Microsoft ආයතනය විසින් රහසේ වැඩිදියුණු කරගෙන යනු ඇතැයි මත පල වෙන නව Windows Mobile මෙහෙයුම් පද්ධතියකින් යුතු Microsoft Smartphone එකක් භාවිතා කරන බව බොහොමයක් විශ්ලේෂකයන් විසින් පවසා ඇති අතර, පසුගිය වසරේදී කල, Bill Gates විසින් තම ජීවිතයේදී කල ලොකුම අතපසු වීම නම් Microsoft ආයතනය විසින් ඉතාමත් හොඳ සහ අද කාලයට ගැලපෙන ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය නොකිරීම ලෙස ප්‍රකාශ කර ඇත.

ඒ කෙසේ වෙතත් අප විසින් අමතක නොකල යුතු කරුණ නම්, කලකට පෙර Steve Jobs සහ Bill Gates විසින් ලොව තාක්ෂණික වෙළඳපලේ ඉහළම ස්ථානයට පැමිණීමට සටන් කල ආකාරයයි. කෙසේ වෙතත් අද වන විට ලොව මෙහෙයුම් පද්ධති පවතින ස්ථානයට පත් වීමට ඔවුන් දෙදෙනාගේ මේ තාක්ෂණික යුද්ධයද බෙහෙවින් බලපෑ බව නොරහසකි.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara