Hennessey Venom F5 - ලොව දෙවනියට වේගවත්ම මෝටර් රථය

Hennessey Venom F5 - ලොව දෙවනියට වේගවත්ම මෝටර් රථය

දැනට මෝටර් රථ ලොව තුළ අතිමහත් වේග පරාස වලට ළඟා විය හැකි බොහොමයක්  සුපිරි මෝටර් රථ නිපදවා ඇත්තේ මීට දශක ගණනාවකට පෙර මෙලොව වාසනාවට පහල වූ මිනිසුන්ගේ දෑත් මතිනි.බහුතරය මෙසේය.  නමුත් බහුතරයක් ඇති සෑම දෙයකටම සුළුතරයක්ද ඇති බව මතක තබා ගත යුතුය.  මේ මීලඟ වේග රජු වීමට පෙරුම්පුරනා නවකයා පිළිබඳ කතාවයි.

2017 වසරේ ස්ථාපිත කරනු ලැබූ සුපිරි ඇමරිකානු මෝටර් රථ සමාගමක් වන Hennessy Special Vehicles සමාගම එංගලන්තයේ සිල්වස්ටෝන් හී ඩෙල්ටා මෝටර්ස්පෝර්ට් (Delta Mortorsport) සමාගම සමඟ ගිවිසුම්ගත වී ඇත.  ඔවුන්ගේ නවතම මෝටර් රථය වන්නේ Hennessy Venom F5 රථයයි.මීට පෙරද Hennessy Venom GT රථ නිපදවා ඇත්තේ මෙම Delta Motorsport සමාගම සමඟ එක්වය.

ක්‍රීඩා මෝටර් රථ කාණ්ඩයට අයත් වන Venom F5 රථය දොර 2කේ කූපේ (2door coupe) රථයක් ලෙස පසුපස මැද එන්ජිමක් (Rear mid-engine) සහිත පසුපස රෝද සඳහා (Rear wheel-drive) පමණක් බලය ලබා දෙන මෙම රථයට 6.6L twin-turbocharged එන්ජිමක් සහිතය. 7-speed single-clutch semi-automatic සහ 6-speed manual (optional) ගියර පද්ධති වලින් ලබාගත හැකි වේ.මෙම Hennessy Venom F5 රථය 1338kg බරකින් යුක්තය.ඇමරිකානු ඩොලර් මිලියන 1.6ක් ලෙස මෙම රථය මිල කර ඇත.රථ 24කට පමණක් මෙම රථ නිශ්පාදනය සීමා කර ඇත.  මෙහි වේගය 261–318 mph (420–512 kmh) ලෙස සඳහන් කර ඇත.

Hennessy Venom F5 Engine

මෙය දැනට ලොව වේගවත්වම නිශ්පාදන මෝටර් රථය වන Bugatti Chiron රථයේ වේගය අභිබවා යෑමට නියමිතය.මීට පෙරද Bugatti Veyron Supersport රථය තබා තිබූ වේග වාර්තාවක් Hennessy Venom GT රථය මගින් අභිබවා යන ලදි.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara