රජයේ අනුමත 2024 සිංහල අවුරුදු නැකැත් ඔබ වෙත ගෙන එන Digital සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2024

රජයේ අනුමත 2024 සිංහල අවුරුදු නැකැත් ඔබ වෙත ගෙන එන Digital සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2024

නව සඳ බැලීම 🌕

අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අප්‍රේල් මස 11 වැනි බ්‍රහස්පතින්දා දින නව සඳ බැලීම මැනවි.


පරණ අවුරුද්ද සඳහා ස්නානය 🪣

අප්‍රේල් මස 11 වැනි බ්‍රහස්පතින්දා දින බෝ පත් යුෂ මි​ශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.


අලුත් අවුරුදු උදාව 🌞

අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා අපරභාග 09.05 ට සිංහල අලූත් අවුරුද්ද උදාවෙයි.


පුණ්‍යකාලය 🙏

අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා අපරභාග 02:41 සිට අප්‍රේල් මස 14 වැනි ඉරිදා අලුයම 03:29 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා දින අපරභාග 02:41 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදෙනු මැනවී.


ආහාර පිසීම 🍚

අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා රාත්‍රී 11:06නීල වර්ණ වස්ත්‍රාභරණයෙ​න් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා තල උක් හකුරු මි​ශ්‍ර බතක් ද තල මි​ශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි.


වැඩ ඇල්ලීම ⚒️️, ගනුදෙනු කිරීම 💵 හා ආහාර අනුභවය 🍽️

අප්‍රේල් මස 14 වැනි ඉරිදා පාන්දර 00.06නීල වර්ණ වස්ත‍්‍රාභරණයෙන් සැරසී දකුණූ දිශාව බලා සියලූ වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.


හිසතෙල් ගෑම 🪔

අප්‍රේල් මස 15 වැනි සඳුදා පූර්ව භාග 10.17 ට ශ්වේත වර්ණ වර්ණ (සුදු පැහැති) වස්ත‍්‍රාභරණයෙන් සැරසී දකුණූ දිශාව බලා හිසට දිවුල්පත් ද පයට ඉඹුල්පත් ද තබා තෙල් සහ දිවුල්පත් මි​ශ්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි.


රැකී රක්ෂා සඳහා පිටත් වීම 💼

අප්‍රේල් මස 17 වැනි බදාදා දින පූර්වභාග 06.52කොළ පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී, ගිතෙල් හා හකුරු මි​ශ්‍ර කිරිබත් හා කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි.


පැළ සිටුවීම 🌱

අප්‍රේල් මස 18 වැනි බ්‍රහස්පතින්දා පූර්වභාග 10.16රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම මැනවි.


එහෙනම්, ලබන්නාවූ නව වසර සිතුම් පැතුම් ඉටුවන නිරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවා! යි කියලා Android වැඩකාර​යෝ අපි එක සිතින් ප්‍රාර්ථනා කරනවා. ☀️💚🙏

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna