Digital සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2023

හැම දෙයක්ම Digital වෙන කාලේ Android වැඩකාරයෝ අපි හිතුවා සිංහල හා දෙමළ නව අවුරුදු නැකත් සීට්ටුවත් Digital අයුරින් ඔබට ලබාදෙන්න.

Digital සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2023

හැම දෙයක්ම Digital වෙන කාලේ Android වැඩකාරයෝ අපි හිතුවා සිංහල හා දෙමළ නව අවුරුදු නැකත් සීට්ටුවත් Digital අයුරින් ඔබට ලබාදෙන්න.


නව සඳ බැලීම 🌕

  • අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 23 වැනි බ්‍රහස්පතින්දා දින නව සඳ බැලීම මැනවි.

පරණ අවුරුද්ද සඳහා ස්නානය 🪣

  • අප්‍රේල් මස 12 වැනි බදාදා දින බෝ පත් යුෂ මිශ‍්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව 🌞

  • අප්‍රේල් මස 14 වැනි සිකුරාදා අපර භාග 02.59 ට සිංහල අලූත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍යකාලය 🙏

  • අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පූර්ව භාග 08:35 සිට එදින අපරභාග 09:23 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වැනි සිකුරාදා දින පූර්ව භාග 08.35 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදෙනු මැනවී.

ආහාර පිසීම 🍚

  • අප්‍රේල් මස 14 වැනි සෙනසුරාදා අපර භාග 03.29විචිත්‍ර වර්ණ වස්ත‍්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරි මිශ‍්‍ර බතක් ද තල හා විළඳ මිශ‍්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම ⚒️️, ගනුදෙනු කිරීම 💵 හා ආහාර අනුභවය 🍽️

  • අප්‍රේල් මස 14 වැනි සිකුරාදා අපර භාග 05.05විචිත්‍ර වර්ණ වස්ත‍්‍රාභරණයෙන් සැරසී දකුණූ දිශාව බලා සියලූ වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම 🪔

  • අප්‍රේල් මස 16 වැනි ඉරිදා පූර්ව භාග 09.41රතු සහ කහ මිශ්‍ර වර්ණ (තඹ පැහැති) වස්ත‍්‍රාභරණයෙන් සැරසී දකුණූ දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට නුග පත් ද තබා තෙල් සහ ඉඹුල්පත් මිශ‍්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි.

රැකී රක්ෂා සඳහා පිටත් වීම 💼

  • අප්‍රේල් මස 17 වැනි සඳුදා දින පූර්වභාග 06.28ශ්වේත වර්ණ වස්ත‍්‍රාභරණයෙන් සැරසී, කිරි මිශ‍්‍ර කිරිබත් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යෑම මැනවි.

පැළ සිටුවීම 🌱

  • අප්‍රේල් මස 20 වැනි බ්‍රහස්පතින්දා පූර්වභාග 06.38රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම මැනවි.

එහෙනම්, ලබන්නාවූ නව වසර සිතුම් පැතුම් ඉටුවන නිරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවා! යි කියලා Android වැඩකාර​යෝ අපි එක සිතින් ප්‍රාර්ථනා කරනවා. ☀️💚🙏

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna