කඩදාසි නැති වෙලේ 2022 අලුත් අවුරුද්ද​ට Digital ලිත මෙන්න

කඩදාසි නැති වෙලේ 2022 අලුත් අවුරුද්ද​ට Digital ලිත මෙන්න

ඔබ දන්නවා රටේ ඩොලර් අර්බුදය නිසා කඩදාසි හිඟ වීමත් එක්ක, Android Wedakarayo  අපි හිතුවා ඔබට සිංහල හා දෙමල නව අවුරුදු නැකත් සීට්ටුව Digital අයුරින් ඔබට ලබාදෙන්න.

  • අලුත් අවුරුද්ද උදාව - අප්‍රේල් 14 බ්‍රහස්පතින්දා දින පූර්වභාග 08.41යි තත්පර 17ට අලුත් අවුරුද්ද උදාව සිදු වේ.
  • පුණ්‍යකාලය - අප්‍රේල් 14 බ්‍රහස්පතින්දා දින පූර්වභාග 02.17 සිට එදිනම 03.05 දක්වා බැවින් පූර්වභාග 02.17ට පෙර සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදෙනු මැනවී.
  • ආහාර පිසීම - අප්‍රේල් 14 බ්‍රහස්පතින්දා දින පූර්වභාග 09.05ට රන්වන් පැහැ වස්ත්‍රාභරණයෙන් නැගෙනහිර දිශාව බලා,ලිප් බැඳ ගිනි මොලවා,කිරිබත් හා උඳු පිටි මිශ්‍ර රස කැවිල්ලක් පිලියෙල කර ගනු මැනවී.
  • වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය - අප්‍රේල් 14 බ්‍රහස්පතින්දා දින පූර්වභාග 10.17ට රන්වන් පැහැ වස්ත්‍රාභරණයෙන් නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභව කරනු මැනවී.
  • හිසතෙල් ගෑම - අප්‍රේල් 17 ඉරිදා දින පූර්වභාග 07.04ට රතු හා කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත්ද,පයට නුග පත් ද තබා ඉඹුල්පත් යුෂ නානු සහ තෙල් ගා ස්නානය කරනු මැනවී.
  • රැකී රක්ෂා සඳහා පිටත් වීම - අප්‍රේල් 18 සඳුදා දින පූර්වභාග 06.51 සුදු පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් හා රස කැවිල්ලක් අනුභව කර දකුණු දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටත් වනු මැනවී.

මේ අවුරුද්දේවත් අපි හැමෝම Update වෙමු. 🙌❤

එහෙනම්, ලබන්නාවූ නව වසර ගෑස්/කිරිපිටි/කඩදාසි/කරන්ට් ලැබෙන නිරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවායි කියලා Android වැඩකාර​යෝ Team එක ප්‍රාර්ථනා කරනවා.🙏❤

Source: Astro Hiru FM

‌‌‌

Read more

Starlink සමඟින් Elon Musk මේ වසර අවසානයේ ලංකාවට පැමිණෙන බව වාර්තා වේ

Starlink සමඟින් Elon Musk මේ වසර අවසානයේ ලංකාවට පැමිණෙන බව වාර්තා වේ

ඔබට මතක ඇති ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් Space X සමාගමේ CEO වෙන Elon Musk මහතා ඉන්දුනීසියාවේදී හමුවු බව. ඒ අනුව එහිදි රනිල් වික්‍රමසිංහ මහතා විසින් Elon

By Bhasura Nuwan Kularathna
ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා හමුවී තිබෙනවා. එහිදී Elon

By Bhasura Nuwan Kularathna
Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android සංස්කරණය වන Android 15 දෙවන Beta සංස්කරණය නිකුත් කරන්න මේ වන විට කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම Beta සංස්කරණය අත්විදීමේ හැකියාව Google සමාගමේ Pixel Devices සඳහා පමණක් සිමා නොවනවා.

By Bhasura Nuwan Kularathna