GoPro සමාගමේ නවතම Action Camera එක වන GoPro Hero 12 එළිදක්වයි

GoPro සමාගම විසින් පසුගිය සැප්තැම්බර් 07 දින GoPro Hero 12 නව Action Cameraව පිළිබඳ නිවේදනය කරන ලදී

GoPro සමාගමේ නවතම Action Camera එක වන GoPro Hero 12 එළිදක්වයි

GoPro සමාගම විසින් පසුගිය සැප්තැම්බර් 07 දින GoPro Hero 12 නව Action Cameraව පිළිබඳ නිවේදනය කරන ලදී. GoPro Hero 11 සමඟ සසඳන විට මෙහි වැඩි දියුණු කිරීම් රාශියක් ඇති අතර, වඩාත්ම කැපී පෙනෙන දෙය නම් වැඩි දියුණු කළ බැටරි ආයු කාලයයි.

GoPro Hero 12 සඳහා 5.3K 60 FPS දක්වා Video record කිරීමට හැකියාවක් පවතී. එමෙන්ම 1720mAh ධාරිතාවකින් යුක්ත Batteryක් අන්තර්ගත වේ. මෙය එක් පූර්ණ ආරෝපණයක් මඟින් මිනිත්තු 70ක් දක්වා Video Record කිරීමට හැකියාවක් ඇත. නමුත් මෙම Battery ආයු කාලය 1080P 30FPS තත්ත්ව යටතේදි පැය 2.5 දක්වා තබා ගත හැක.

තවත් අලුතින් එක් වුන Feature එකක් නම් GoPro Hero 12 සතුව Bluetooth Support කරයි. මෙම නිසා Earbuds හෝ Headphones මඟින් එකවර Audio record කිරීමට හැකියාවක් ඇත.

GoPro Max Lens Mod 2.0 භාවිතා කිරීම මඟින් සාමාන්‍ය 156-Degrees View එක 177-Degrees දක්වා වැඩි කර ගතහැක. එමෙන්ම මෙය HDR Video සහ Photos සඳහා Support කරයි. GoPro Hero 12 මඟින් 24MP Photos Capture කිරීමට හැකියාවක් ඇත. GoPro සමාගම සඳහන් කරන පරිදි මෙය මීටර් 10ක් දක්වා ජලය තුලදී භාවිත කළ හැකි වනවා.

GoPro නිල Website එකට පිවිසීම මඟින් GoPro Hero 12 Black Cameraව $399.99 වැනි මුදලකට Pre-Order කිරීමට හැකියාවක් ඇත.

Source: gopro

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna