වසර දෙකකට වඩා අක්‍රීය සියළුම ගිණුම් ඉවත් කිරීමට Google සමාගම සූදානම් වේ

වසර දෙකකට වඩා අක්‍රීය සියළුම ගිණුම් ඉවත් කිරීමට Google සමාගම සූදානම් වේ

ඔබට මතක ඇති මිට පෙර Google සමාගම විසින් Google Photos සඳහා Unlimited Storage ලබා දිම නවතා දැමිමට කටයුතු කරනු ලැබුවා. ඒ වගේම Google සමාගම විසින් සිදු කරන ඔවුන්ගේ Policy Change එක නිසා වසර දෙකකට වඩා වැඩි කාලයක් භාවිතා නොකරන ලද Google Accounts ඉවත් කර දැමිමට කටයුතු කරන බවට දැනුම් දි තිබෙනවා.

ඒ අනුව Google Services වෙන Gmail, Google Drive හෝ Google Photos යන සේවාවන්වලින් එකක් හෝ වසර දෙකක් තිස්සේ භාවිත නොකළහොත් ඔබගේ එම Google Services වලට අදාලව ඇති සියලු දත්තයන් ද සමග ඔබගේ Google Account එක මකා දැමිමට Google සමාගම කටයුතු කරනු ඇත.

මෙය 2021 ජුනි පළමු වෙනදා සිට ක්‍රියාත්මක වෙන අතර 2023 ජුනි පළමු වෙනදා සිට මෙය ක්‍රියාත්මක කරනබව ඔවුන් දන්වා තිබෙනවා. ඒ අනුව 2023 ජුනි මස වෙන විට වසර දෙකක පමණ කාලයක් භාවිතා නොකරන ලද සියලු Google Accounts එ්වාගේ Drive, Docs, Sheets, Slides, Jamboard, Gmail, Photos, Drawings, Forms හා Sitesවල දත්තයන්ද සමග මකා දැමිම සිදු වෙන ඇත.

මෙලෙස තමන්ගේ Google Account එකට ගැටලුවක් සිදු නොවන ආකාරයට තබා ගැනිමට නම් එම Google Account එක Google App එකක් හෝ Web Browser එකකට සම්බන්ධව Active ලෙස භාවිත කිරිම සිදු කල යුතු වෙනවා.

මිට අමතරව මෙය Google One Usersලාට, Google Workplace, GSuite for Education හෝ Non-Profits GSuite Usersලාට අදාල නොවන බවත් දක්වා තිබෙනවා.

Source : Google, Gsmarena

Read more

Instagram වලට තරඟකරුවෙක් TikTok වෙතින් හදුන්වා​දේ: TikTok Notes

Instagram වලට තරඟකරුවෙක් TikTok වෙතින් හදුන්වා​දේ: TikTok Notes

TikTok විසින් Instagram වෙත තරඟයක් ලබා දීම සඳහා වන නව යෙදුමක් හදුන්වාදීමට කටයුතු කර තිබෙනවා. මෙය දැනට ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ තෝරාගත් Android සහ iOS පරිශී

By Thimira Thenuwara
Apple පරදා Samsung ය​ලි ගෝලීය දුරකතන වෙළඳප​ලේ අංක එකට

Apple පරදා Samsung ය​ලි ගෝලීය දුරකතන වෙළඳප​ලේ අංක එකට

දෙසැම්බර් මාසයෙන් අවසන් වූ කාර්තුවේදී ලොව අංක එකේ දුරකතන අලෙවිය සහිත වාර්තාව හිමි කරගෙන සිටි ඇපල් සමාගම 2024 පළමු කාර්තුවේදී අලෙවි වාර්

By Thimira Thenuwara
නව X පරිශීලකයන් සඳහා Post පළකිරීමට මුදල් ගෙවිය යුතු බව Elon Musk විසින් ප්‍රකාශ කරයි

නව X පරිශීලකයන් සඳහා Post පළකිරීමට මුදල් ගෙවිය යුතු බව Elon Musk විසින් ප්‍රකාශ කරයි

X සඳහා එකතු වන නව පරිශීලකයින් සඳහා එහි පළ කිරීම් සිදු කිරීම සඳහා යම් කිසි මුදලක් ගෙවීමට සිදුවන බවට Xහි CEO Elon Musk විසින් පවසනු ලබනවා.

By Nelitha Vindinu Priyawansha