ක්‍රියාවිරහිතව තිබියදි පවා දුරකතනය සොයා ගැනීමට iPhone වෙත ලබා දී ඇති පහසුකම Android දුරකතන වෙතද ලබා දීමට සූදානම් වන බව වාර්තා වේ

වාර්තා වෙන නවතම තොරතුරුවලට අනුව Google සමාගම විසින් මේ වෙන විට Android Devices ක්‍රියා විරහිත වි ඇති විට Device එක තිබෙන ස්ථානය Track කිරිමේ හැකියාව ලබා දීමට කටයුතු කරමින් සිටිනවා.

ක්‍රියාවිරහිතව තිබියදි පවා දුරකතනය සොයා ගැනීමට iPhone වෙත ලබා දී ඇති පහසුකම Android දුරකතන වෙතද ලබා දීමට සූදානම් වන බව වාර්තා වේ

Android Smart Phones සදහා Google සමාගම විසින් හදුන්වා දී ඇති Find My Device App එක ඔබගේ ජංගම දුරකථන නැති වු හෝ සොරකම් කළ විට එය සොයා ගැනිම සදහා උපකාරී වෙන බව ඔබ දන්නවා. කෙසේ නමුත් Apple iPhonesවල මෙන් Android Smart Phones ක්‍රියා විරහිතව පවතින විට එම Device එක තිබෙන ස්ථානය Track කිරිමේ හැකියාව තවමත් Google සමාගම විසින් ලබා දී නොමැති වෙනවා.

වාර්තා වෙන නවතම තොරතුරුවලට අනුව Google සමාගම විසින් මේ වෙන විටත් Android Devices ක්‍රියා විරහිත වි ඇති විට Device එක තිබෙන ස්ථානය Track කිරිමේ හැකියාව ලබා දීමට කටයුතු කරමින් සිටිනවා.

ඒ අනුව Apple සමාගමේ Find My App එක ක්‍රියාත්මක වෙනවා මෙන් Google සමාගමේ Find My Device App එක සදහාත් Device එක Power Off වි ඇති විටත් Track කිරිමේ හැකියාව ලැබෙනු ඇත. මෙය Pixel Power-off Finder on Google phones නමින් සදහන් වෙනවා.

වාර්තා වෙන තොරතුරුවලට අනුව නව Hardware Abstraction Layer (HAL) එකක් “hardware.google.bluetooth.power_off_finder” නමින් සදහන් වෙන අතර මේ මගින් Finger Network keys Device එකේ Bluetooth chip එකට Device එක Power Off ඇති විට යැවිමට උපකාරි වෙනවා.

ඒ අනුව මීලගට එළිදැක්විමට නියමිත Google Pixel 8 Devices සදහා මේ Feature එක ලැබෙනු ඇති අතර Google Pixel 7 Devices සදහා මෙය ලැබේද යන්න පිළිබඳව තවමත් තොරතුරු වාර්තා වෙන්නේ නොමැති වෙනවා. එමෙන්ම ඉදිරියේදි නිකුත් විමට නියමිත අනෙකුත් Smart Phone නිෂ්පාදනය සමාගම්වලත් High End Smart Phones සදහාත් මේ Feature එක අඩංගු වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Source: gizmochina.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna