සක්‍රීය නොමැති Google account මකා දැමීම දෙසැම්බර් 01 වනදා සිට ඇර​ඹේ

සක්‍රීය නොමැති Google account මකා දැමීම දෙසැම්බර් 01 වනදා සිට ඇර​ඹේ

Google ආයතනය විසින් පසුගිය මැයි මාසයේදී වසර දෙකක් අක්‍රියව පවතින Gmail accounts දෙසැම්බර් 01දා සිට මකා දමන බව නිල වශයෙන් නිවේදනය කර ඇත. මෙය Google ආයතනය විසින් ගත් තරමක් ප්‍රචණ්ඩ පියවරකි. මෙයට හේතුව නම්, හැකර්වරුන්ගේ විසින් පැරණි Gmail Account ඉලක්ක කරගනිමින් සිදුකරන Malicious Spams, Phishing සහ Account Hijacking වැනි දේවල්ය.

වසර දෙකකට වඩා භාවිත නොකරන ලද Google Accounts ඉවත් කිරීමට Google සමාගම සුදානම් වේ
Google සමාගම විසින් ඔබගේ Google Account එක වසර දෙකක පමණ කාලයක් තුළ කිසිදු භාවිතයක් නොවි පවති නම් එලෙස අක්‍රීයව පවතින Google Account ඉවත් කර දැමීමට තිරණය කර තිබෙනවා.

දැනටමත් Google විසින් inactive හෝ Recovery Option Add කර නොමැති Gmail සඳහා ආරක්ෂක හේතූන් ඔබගේ ගිණුම් මකා දමන බවට Reminders යැවීමට පටන් ගෙන ඇත. මෙහිදී Google ආයතනය විසින් භාවිතයෙන් තොර Personal Accounts පමණක් මකා දමන අතර Enterprise සහ Education Email සඳහා මෙය වලංගු නොවේ.

නමුත් බොහෝ දෙනා පවසන් පරිදි අතීතයේ විවිධ වෙබ් අඩවි සඳහා ලියාපදිංචි වීමට ඇතැම් Gmail Account භාවිතා කළ පුද්ගලයින්ට මම ක්‍රියා පටිපාටිය මඟින් වෙබ් අඩවි තුලට ප්‍රවේශ වීමේ අපහසුතා වැනි ගැටලු ඇති වියහැකි බව පවසනවා.

ඔබත් මෙම බලපෑමට ලක් වූවන් අතර සිටී නම්, භාවිතයෙන් ඉවත්ව තිබූ Gmail Account එක භාවිතා කරමින් Play Store තුළින් app එකක් download කිරීම, YouTube Video නැරඹීම හෝ වෙනත් Email ගිණුමකට පණිවිඩයක් යැවීම මඟින් මෙය මගහරවා ගත හැකි වේ.

Source: xda-developers.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna