Nearby Share හරහා Android apps හුවමාරු කර ගැනීමේ පහසුකම ලබා දීමට Google සමාගම කටයුතු කරයි

Nearby Share හරහා Android apps හුවමාරු කර ගැනීමේ පහසුකම ලබා දීමට Google සමාගම කටයුතු කරයි

පසුගිය අගොස්තුවේදී  Google සමාගම විසින් AirDrop වලට සමාන Android feature එකක් වෙන Nearby Share පහසුකම හදුන්වා දුන්නා. මේ වන විටත් මේ Nearby Share තුලින් අපිට Files හුවමාරු කර ගැනිමේ අවස්ථාව ලබා දි තිබෙනවා. ඒ වගේම ඉදිරි Update එකක් තුලින් P2P App Sharing පහසුකමත් ලබා දෙන්න සුදානම් බවට තොරතුරු වාර්තා වෙනවා.

Google සමාගමේ නිල Blog අඩවියට අනුව ඉතා ඉක්මනින්ම මේ Feature එක ලබා දිමට කටයුතු සුදානමින් සිටින බවයි කියන්න පුළුවන්. මේ මගින් අපිට Google Play Store හි පවතින Apps Share කිරිමේ හැකියාව Nearby Share හරහා ලැබෙනවා. මේ P2P App Sharing පහසුකම ලැබුණු පසු Play Store හි "My Apps & Games" Section එකේ පවතින "Share Apps" Menu එක මගින් අපිට අවශ්‍ය Apps Share කිරිමට හැකියාව ලැබෙනවා.

මෙලෙස Nearby Share මගින් Apps Share කිරිමේ දි කිසිදු Data ප්‍රමාණයක් අය විමක් සිදු වෙන්නේ නැ. එනම් මේ Share කිරිම Wi-Fi හෝ Mobile Network Connectivity එක නොමැති අවස්ථාවක වුවද සිදු කල හැකි වෙනවා. තවමත් මේ නිල වශයෙන් නිකුත් කර නොමැති අතර ඉදිරි සති කිහිපය තුල Nearby Share හරහා Apps Share කිරිමේ හැකියාව Play Store වෙත ලැබෙනු ඇති බවට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Sources : Google Blog, Beebom

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna