Windows මත Android Games ධාවනය කිරීමේ හැකියාව 2022දී ලබා දීමට Google සමාගම සූදානම් ​වේ

Windows මත Android Games ධාවනය කිරීමේ හැකියාව 2022දී ලබා දීමට Google සමාගම සූදානම් ​වේ

පසුගිය දා පැවති The game Awards 2021 උළලේදී Google සමාගමේ ප්‍රකාශකයෙකු වන  Geoff Keighley විසින් විස්මිත ප්‍රකාශයක් සිදුකර සිටියා. ඒ Google Play game හි ඇති ක්‍රීඩා 2022 වසරේදී Windows 10 සහ Windows 11 ‌වෙත ලබා දීමට කටයුතු කරමින් සිටින බවයි.

The game Awards 2021 full Livestream Video

කෙසේ වෙතත් Microsoft සහ Amazon යන සමාගම් එකතු වී Amazon app store හි ඇති apps Microsoft store වෙත ලබා දෙන බවට අප මීට පෙර ලිපියකදී ඔබව දැනුවත් කරා  ඔබට මතක ඇති. නමුත් Google සමාගම මෙය Microsoft සමාගම සමඟ හවුල්කාරීත්වයකින් තොරව තනිව සිදු කිරීමට සැරසෙන බව පෙනේ.  Google Play හි ඇති ක්‍රීඩා Windows Run වන Laptop, Tablet සහ PC වෙත ලබා දෙන බව හෙළි වී ඇත. එමෙන්ම අප යම් උපාංගයක අවශ්‍ය ක්‍රීඩාව Play කර වෙන උපාංගයකට මාරු වීමේදී එම ක්‍රීඩාවම අප නැවැත්වූ ස්ථානයේ සිටම Play කිරීමේ හැකියාවද ලැබෙන බවට වාර්තා වෙයි.

Google Play Games

මේ සම්බන්ධයෙන්  Google සමාගමේ ප්‍රකාශක වැඩිදුර විස්තර ‌පවසා නැති වී අතර එහිදී වැඩි දුරටත් ඔහු පවසා සිටියේ Google Play Games හි වැඩි දියුණු කරන ලද යෙදුමක් හරහා මෙය එළි දැක්වීමට කටයුතු කරන බවයි. එමෙන්ම මේ පිළිබඳ වැඩි දුර විස්තර ඉදිරියේදී දැන ගැනීමට හැකියාව ලැබෙන බවත් ඔහු කියා සිටියේය.

Sources: GizmoChina, GSMArena

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara