Dolby Atmos සහ Vision සඳහා විකල්පයක් නොමිලේ ලබා දීමට Google සමාගමේ අවධාන​ය

Dolby Atmos සහ Vision සඳහා විකල්පයක් නොමිලේ ලබා දීමට Google සමාගමේ අවධාන​ය

Google සමාගම විසින් Dolby Atmos සහ Vision මෙන් ඔවුන්ගේම Audio සහ Video Format එකක් හදුන්වා දීම පිළිබඳව කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ඔවුන් විසින් මේ නව Audio සහ Video Format, Dolby Atmos සහ Vision සදහා ආදේශකයක් ලෙස හදුන්වා දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව Google සමාගම විසින් නව Media Formats හදුන්වා දීමට නියමිත අතර ඒ ඔස්සේ  HDR Video සහ 3D Audio පහසුකම Hardware Manufacturesලාට කිසිදු බලපත්‍ර ගාස්තුවකින් තොරව ලබා දීමට නියමිත වනවා.

එමෙන්ම මෙය බොහෝ විට Youtube සදහා ද සහය දක්වනු ඇති අතරම මේ ඔස්සේ පටිගත කරන ලද Video, Youtube සදහා Upload කිරිමේ හැකියාව ද ලැබෙනු ඇති බව දක්වන්න පුලුවන්.  මේ ව්‍යාපෘතිය “Project Caviar” නමින් හදුන්වනු ලබන අතර Google සමාගම විසින් Samsung වැනි සමාගම් සමග මේ පිළිබඳව කටයුතු කිරිමට එකග වී තිබෙනවා.

Sources: Protocol 9to5google

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna