Gemini AI සමඟින් Google Pixel 9 Series එක එළිදක්වයි

Pixel ජංගම දුරකතන මාලාවේ නවතම ජංගම දුරකතන මාදිලිය වන Pixel 9 series එක නිල වශයෙන් එලි දැක්වීම මීට සුළු මොහොතකට පෙර කටයුතු කරා.

Gemini AI සමඟින් Google Pixel 9 Series එක එළිදක්වයි

Google සමාගම ඔවුන්ගේ Pixel ජංගම දුරකතන මාලාවේ නවතම ජංගම දුරකතන මාදිලිය වන Pixel 9 series එක නිල වශයෙන් එලි දැක්වීම මීට සුළු මොහොතකට පෙර (අගෝස්තු 13 මෙරට වේලාවෙන් රාත්‍රි 10:30) කටයුතු කරා.

Google Pixel 9, Google Pixel 9 Pro, Google Pixel 9 Pro XL හා Google Pixel 9 Fold ලෙසින් දුරකතන 4ක් එළිදැක්වීම මෙවර විශේෂත්වයක්.

මෙම ලිපියේ දී Google Pixel 9, 9 Pro, 9 Pro XL යන මාදිලි 3 පිළිබඳ සාකච්ඡා කරන අතර Google Pixel 9 Fold Device එක පිළිබඳ ව වෙනම ලිපියක් ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.


Performance

Google Pixel 9 Series එකෙහි Chipset එක ලෙස බල ගැන්වීමට නවතම 4Nm Tensor G4 යොදා ඇති අතර එය CPU Cores 9කින් සමන්විත වනවා.

තවද Pixel 9 Device එක 8GB Ram එකකින් සහ Pixel 9 Pro සහ Pro XL Devices දෙක 12GB සහ 16GB ලෙසින් මාදිලි 2කින් යුක්ත වනවා. Pixel 9හි 128GB සහ 256GB ලෙස මාදිලි දෙකක් ඇති අතර Pixel 9 Pro සහ Pro XL හි 256GB, 512GB සහ 1TB ලෙසින් මාදිලි තුනක් තිබෙනවා.

Camera එක

Pixel 9 Device එක කැමරා 2ක් සහිත කැමරා පද්ධතියකින් බල ගැන්වෙන අතර ප්‍රධාන කැමරාව 50MP සහ 50MP Ultra-wide කැමරාවකින් යුක්ත වනවා. Front Camera එක ලෙස 11MP sensor එකක් යොදා තිබෙනවා.

Pixel 9 Pro සහ Pro XL Device එක සඳහා ද කැමරා 3ක් සහිත කැමරා පද්ධතියක් යොදා ඇති අතර ප්‍රධාන කැමරාව 50MP, 48MP Ultra-wide කැමරාවකින් හා 48MP Telephoto sensor එකකින් යුක්ත වනවා. මෙහි Front Camera එක සඳහා ද 42MP sensor එකක් යොදා තිබෙනවා.

මේ Devices තුනෙහි ම Back Camera එකෙන් 4K@24/30/60fps, 1080p@30/60/120/240fps දක්වා Video Record කළ හැකි අතර Front Camera එකෙන් 4K@24/30/60fps, 1080p@30/60fps දක්වා Video Record කළ හැකි වනවා.

නව මුහුණුවරක් ගත් Unique Design එක සහ Display එක

Pixel 8 සහ 8 Pro හි පරිදි සුපුරුදු Design එක භාවිතා කරමින් පිටුපස ඇති Sensors සහ Cameras Metallic Strip එකක යොදා තිබෙනවා. ඊට සාපේක්ෂව Pixel 9 Series එකෙහි සිදු කරන ලද වෙනස ලෙස දැක්විය හැකි වනුයේ Camera Bump එක Center කොට Rounded Edges වල Curve එක සහ Bump එකෙහි උස වැඩි කිරීමයි.

Pixel 8හි Display එක ගැන කතා කළ විට සුළු වෙනස් කම් කිහිපයක් සිදු කර ඇති අතර එනම්; Refresh Rate එක 120Hz වීමත්, උපරිම Brightness ප්‍රමාණය Nits 1400ක් වීමත් සහ අඟල් 6.2ක පැවති Display Size එක අඟල් 6.24ක් දක්වා අඩු කිරීමත් ය. මෙහි Display Resolution එක 1080px x 2424px වනවා.

Pixel 8 Proහි අඟල් 6.34ක විශාලත්වයකින් සහ 120Hzක Refresh Rate එකකින් සමන්විත Display එකක් යොදා තිබෙන අතර Pro XL හි අඟල් 6.8ක Display එකක් සහ උපරිම brightness ප්‍රමාණය 3000nits පමණ වනවා.

තවද මේ Devices 3හිම Displays Gorilla Glass එකකින් ආවරණය කොට තිබෙනවා.

වෙනත් පහසුකම්

මෙම Devices දෙකෙහි ම IP68 Water and Dust Resistance පහසුකම, Face Unlock, In-Display Fingerprint Scanner, Dual Stereo Speakers, Wi-Fi 6, Bluetooth 5.3 සහ NFC වැනි පහසුකම් අඩංගු වනවා. Pixel 9 Pro සහ Pro XL හි Pixel 8 Proහි පරිදි ම Temperature Sensor එක යොදා තිබෙනවා.

Pixel 9 සහ 9 Pro සඳහා 4600mAh Li-Ion Battery එකක් භාවිතා වන අතර Pro XL සඳහා 5060mAh Li-Ion Battery එකක් භාවිතා වනවා. මෙම Device 3ම wireless charging සහ reverse wireless charging සඳහා Support කරනු ලබනවා.

මෙහි Android 15 මෙහෙයුම් පද්ධතිය ධාවනය වන අතර අප ඔබට පෙර වාර්තා කළ පරිදි Pixel Devices සඳහා වසර 7ක් යන තුරු Updates ලබා දීම සිදුවනවා.

වර්ණ මාදිලි සහ මිල ගණන්

Pixel 9 Pro එක Porcelain, Rose Quartz, Hazel සහ Obsidian වර්ණවලින් පැමිණෙන අතර Pixel 9 Peony, Wintergreen, Porcelain සහ Obsidian යන වර්ණවලින් පැමිණෙනවා.

Google Pixel 9 $799 සිට මිල දී ගත හැකි අතර 9 Pro $999 සිට ද 9 Pro XL $1,099 සිට මිලදී ගත හැකි වනවා. මේ වන විට ඇමරිකාවේ Pre Order කිරීමට හැකි අතර අගෝස්තු තෙවන සතියේ සිට ලොව පුරා බෙදා හැරීම් ආරම්භ වනවා.

All Image Source: Made by Google
මෙවැනි වූ තාක්ෂණික කරුණු සහ නවතම තාක්ෂණික පුවත් ඉක්මනින් දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara