යුක්රේනය තුල Live Traffic සේවාව තාවකාලිකව නවතා දැමීමට Google සමාගම කටයුතු කර​යි

යුක්රේනය තුල Live Traffic සේවාව තාවකාලිකව නවතා දැමීමට Google සමාගම කටයුතු කර​යි

රුසියාව හා යුක්‍රේනය අතර ඇතිවී ඇති දරුණු යුධ ගැටුම් හේතුවෙන්  යුක්‍රේනයේ වෙසෙන සාමාන්‍ය ජනතාවගේ ආරක්ශාව උදෙසා, යුක්‍රේනය සදහා වන Google Maps හී Live Trafic Information හා ප්‍රදේශ කොතරම් කාර්‍යබහුල ද යන වග පිලිබද තොරතුරු ලබා දෙන සියලු මෙවලම් වල සහය ලබාදීම ඉරිදා (පෙබරවාරි 27) දින සිට තාවකාලිකව නවතා දැමූ බව Alphabet Inc මවු සමාගමට අයත් Google සමාගම මේ වන විට දැනුම් දී තිබෙනවා. මෙම තීරණ​ය යුක්‍රේනය අදාල නිලධාරී​න් සමග සාකච්චා කිරීමේ​න් අනතුරුව ලබාගත් බවද ඔවු​න් වැඩි දුරටත් සදහන් කරනවා.

Google සමාග​ම පවසන ආකාරයට ඔවු​න් මෙම තීරණය​ට එලබී ඇත්තේ රුසියාව, යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම සදහා Goole Maps හී Live Trafic Information හා ප්‍රදේශ කොතරම් කාර්‍යබහුල ද යන වග පිලිබද හෙලිවන මෙවලම් යොදාගන්නා බවට තොරතුරු තහවුරු වීමෙන් අනතුරුවය.

Source - ndtv.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna