Google සමාගම Playstore තුළ ඇති අක්‍රීය apps delete කරන බව දන්වා සිටී

Google සමාගම Playstore තුළ ඇති අක්‍රීය apps delete කරන බව දන්වා සිටී

ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත Android 15 හි live threat detection නම් spam apps, permission අනවශ්‍ය ලෙස භාවිත කරන apps හදුනා ගැනීමට නව AI විශේෂාංගයක් හදුන්වා දීමට නියමිතය. කෙසේ වෙතත්, මෙම විශේෂාංගය PlayStore හි දැනටමත් ලබා ගත හැකි අනිෂ්ට යෙදවුම් (Malware) හඳුනා ගැනීමට සහ ඉවත් කිරීමට පමණක් උපකාරී වේ, ඒවා මුලින් upload කිරීම වැළැක්වීමට නොවේ.

එම නිසා 2024 අගෝස්තු මස අවසානය පමණ වන විට, එනම් අගෝස්තු 31 වන විට Google PlayStore තුළ අක්‍රීය තත්වයේ පවතින application ඉවත් කරන බව google සමාගම දන්වා සිටියා.

අක්‍රීය තත්වයේ යනුවෙන් අදහස් වන්නෙ,

  • Text හෝ pdf පමණක් අන්තර්ගත apps
  • ඉතා කුඩා අන්තර්ගතයක් සහිත apps
  • ක්‍රියාකාරී නොවන apps.

මීට පෙරද Google Security Blog ට අනුව ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම සහ පරිශීලකයින්ගේ ආරක්ෂාව අවදානමට ලක් කිරීම හේතුවෙන් 2023 දී apps මිලියන 2.28 ක් පමණ සේවාවෙන් අවහිර කර ඇත. එපමණක් නොව, apps ඉදිරිපත් කිරීම් 200,000ක් පමණ ප්‍රතික්ෂේප ද විය. ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම් සහ වංචා සහ අනිෂ්ට මෘදුකාංග පිළිබඳ සැකය හේතුවෙන් 2023 දී google play account 333,000 ක් තහනම් කර ඇති බව google සමාගම වාර්තා කරනවා.

මෙම ඉවත් කිරීම් වලට අනුව Google ප්‍රතිපත්තිවලට අනුකූල නොවන download මිලියන ගණනි​න් ඇති apps පවා Google PlayStore තුළින් ඉවත් විය හැක. 2020 දී Google සමාගම විසින් එසේ ක්‍රියාකාරී වීමෙ ගැටලු හේතුවෙන් මිලියනයක් පමණ download කළ Mitron application එක Google PlayStore තුළින් ඉවත් කිරීමට කටයුතු කළා. සංවර්ධකයින්ට Google ප්‍රතිපත්ති වලට අනුකූල වීමට සති හයක කාලයක් ලබා දී ඇත.

Source: www.forbes.com

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara