Honor ජංගම දුරකථන සඳහා නැවතත් Google Services ලබා දෙන බව තහවුරු කෙරේ

Honor ජංගම දුරකථන සඳහා නැවතත් Google Services ලබා දෙන බව තහවුරු කෙරේ

Huawei සමාඟමේ උප වෙළඳ නාමයක්ව තිබූ Honor දුරකථන සඳහා නැවතත් Google Apps සහ Services ලබා දීමට තීරණය කර ඇත.

Honor Germany නමින් හැඳින්වෙන Honor උප වෙළඳ නාමය සඳහා ජර්මන් බසින් පවත්වාගෙන යන Twitter පිටුව හරහා ඔවුන් මේ බව සනාථ කර ඇත. ඉදිරියේදී පැමිණීමට නියමිත Snapdragon 778 චිප්සෙට් සහිත දුරකථන මාදිලිය සමඟ Google Services ලබා දෙන බව එම Twitter පිටුවේ අසන ලද පැණයකට පිළිතුරු ලෙස Honor සමාඟම පවසා ඇත.

2019 වසරේ මැයි මස Huawei සමාඟම වෙත ඇමරිකානු රජයෙන් පනවන ලද සම්බාධක වලින් පසුව Google Services සමඟ පැමිණෙන ප්‍රථම දුරකථනය ලෙස මෙම Honor 50 දුරකථනය හඳුන්වාදිය හැක.

මේ වන විට, Honor නම් වෙළඳ නාමය ස්වාධීන වෙළඳ නාමයක් බවට පත් කර ඇති අතර එම වෙළඳ නාමය යටතේ, Qualcomm, Intel වැනි සමාඟම් අතර මෙතෙක් බිඳ වැටී තිබූ සබඳතා නැවත ඇති කරගැනීමටත්, විශාලම අඩුපාඩුවක් වූ Google Services සේවාවන් ද නැවත ලබාගැනීමටත් හැකිවනු ඇත.

මෙම නව තීරණයත් සමඟ, Honor 50 සහ මේ වන විට ඉඟි පළකර ඇති Snapdragon 888 චිප්සෙට් සහිත නව දුරකථනය ආදී දුරකථන ආසියානු සහ යුරෝපියානු වෙළඳපල වෙත එළි දක්වමින්, Honor වෙළඳ නාමය සඳහා පෙර පැවති ආකාරයේ ප්‍රමුඛ ස්ථානයක් නැවත අත්කර ගැනීමට හැකිවනු ඇතැයි අනුමාන කළ හැක.

නව Honor දුරකථන වල ආගමනයත්, ඒ ඒමඟ නැවතත් Google Services ලබා දීමත්, Huawei Honor පාරිභෝගිකයන් සඳහා නම් සුබ ආරංචියක් වනු ඇත.

Source: Android Authority

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara