Google Pixel 7 සහ 7 Pro සඳහා ඇති ඇණවුම් ප්‍රමාණය මිලියන 8 ඉක්මවයි

Google Pixel 7 සහ 7 Pro සඳහා ඇති ඇණවුම් ප්‍රමාණය මිලියන 8 ඉක්මවයි

මෙම මස පසුගිය 6 වන දින Google සමාගම විසින් එළිදක්වන ලද Google Pixel 7 සහ 7 Pro දුරකථන අතිශයින් ජනප්‍රියතාවයට පත් වූයේ එහි වූ නවතම තාක්ෂණයන් සහ එහි කැමරාව සතු විශේෂාංග හේතුවෙනි. මෙලෙස එළිදක්වන ලද Pixel දුරකථන එළඹෙන 13 වන දින වෙළඳපොල වෙත නිකුත් කිරීමට කටයුතු සකස් කර ඇති පසුබිමක එම දුරකථන මාදිලි දෙක සඳහා ලැබී ඇති ඇණවුම් ප්‍රමාණය මිලියන 8 ඉක්මවා ඇති බවට තොරතුරු Nikkei Asia වෙබ් අඩවිය සඳහන් කරයි.

පසුගිය වසරේ නිකුත් වූ Pixel 6 series එකට සාපේක්ෂව මෙලෙස ලැබී ඇති ඇණවුම් ප්‍රමාණය වැඩි වන අතර 2023 වන විට Pixel 7 හි විකුණුම් ප්‍රමාණය ද පෙර පැවති දත්ත වලට සාපේක්ෂව ඉතාමත් ඉහළ අගයක් ගනු ඇති බවට Google සමාගම සඳහන් කරයි. එමෙන්ම මෙලෙස ලැබී ඇති ඉහළ ඇණවුම් ප්‍රමාණය හේතුවෙන් Google සමාගම සිය සැපයුම්කරුවන් හට ඒකක මිලියන 8 කට වඩා වැඩි ප්‍රමාණයක් නිශ්පාදනය කරන ලෙස දැනුම් දී ඇත. එම හේතුව නිසා Google සමාගම හට මෙම වසරට සාපේක්ෂව Pixel ස්මාර්ට් දුරකථන නැව්ගත කිරීම දෙගුණ කළ යුතු බව සඳහන් කරයි.

Google Pixel 7 සහ 7 Pro දුරකථන වල වටිනාකම පිළිවෙලින් ඩොලර් 599 ($ 599) සහ ඩොලර් 899 ($ 899) ක් වේ. එය Apple iPhone 14 වල ආරම්භක වටිනාමකට වඩා අඩු අගයක් වන අතරම ඒ සඳහා ඇති විශේෂාංග වල ගුණාත්මකභාවය හේතුවෙන් මෙලෙස ඇණවුම් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බව බොහෝ විචාරකයන්ගේ මතයයි. කෙසේ නමුත් අධික ඉල්ලීම සහ Online ක්‍රමය යටතේ සිදුකළ මෙම ඇණවුම් කිසිඳු දේෂයකින් තොරව සිදුකිරීමට Google සමාගම කටයුතු කර ඇත.

මේ වනවිට මෙම මාදිලිය රටවල් 17 ක් සඳහා නිකුත් කිරීමට බලාපොරොත්තු වන අතරම 2023 වසර වන විට දුරකථන වෙළඳපොල තුළ Google දුරකථන මහත් සේ ජනප්‍රියතාවයට පත්විය හැකි බවට බලාපොරොත්තු තබාගත හැක. මෙම උණුසුම පහව යාමට මත්තෙන් Google සමාගම සඳහන් කරන්නේ ඉදිරියේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන Pixel Tablet හරහා Professional experience එකක් ලබා ගැනීමට ඔවුන් තම පරිශීලකයන් වෙත අවස්ථාව සලසන බවයි. ඔවුන් එහි features සහ specs පිළිබඳව වඩාත් සැලකිලිමත් වන බවත් බොහෝ දුරට එය Galaxy Tabs හා iPads වලට සාපේක්ෂව මිලෙන් ඉතා අඩු විය හැකි බවත් තවදුරටත් සඳහන් කරයි.

Sources: Econotimes Nikkei Asia

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara