Google සමාගම විසින් desktop web browsers සඳහා Google Search Dark Mode පහසුකම ලබා දීමට කටයුතු කරයි

Google සමාගම විසින් desktop web browsers සඳහා Google Search Dark Mode පහසුකම ලබා දීමට කටයුතු කරයි

මේ දිනවල බොහෝ දෙනෙකු අතර ජනප්‍රියත්වයක් උසුලන Dark Mode පහසුකම Windows 10 සහ macOS හී Google Search සදහා අත්හදා බැලීමට Google සමාගම කටයුතු කරමින් පවතිනවා. සාමාන්‍යෙන් Google සමාගම නව විශේෂාංගයක් හදුන්වාදීමේදී සියලුම පරිශීලකයන්ට එය එක වර ලබා නොදෙන අතර මෙම Dark Mode පහසුකමත් දැනට සෑම පරිශීලකයන්ට ලබා දී නැත.

Google Dark Mode On My PC

Windows 10 සහ macOS හි බොහෝ පරිශීලකයින්ට මෙම නව Dark Mode පහසුකම අත්හදා බැලීමට ආරාධනා කරමින් දැනුම් දීමක් ලැබෙමින් පවතින අතර, එය සක්‍රීය කළ පසු, Google Search පිටු තද අළු පැහැයට හැරෙන අතර රාත්‍රී කාලයේදී මෙමගින් සුව පහසු කියවීමක් ලබා ගත හැකිය.

Google dark mode alert | Source:XDA

Google Search සදහා මෙම Dark Mode පහසුකම ලැබෙන්නේ Google සමාගම විසින් ඔවුන්ගේ සෑම යෙදුමකටම සහ සේවාවකටම Dark Mode පහසුකම ලබා දීමට කටයුතු කරන උත්සාහයේ ප්‍රතිපලයක් වශයෙනි.

තවමත් ඔබට මෙම Dark Mode පහසුකම ලැබී නොමැතිනම් Dark Reader වැනි extension එකක් භාවිතා කිරිමෙන් මෙම Dark Mode පහසුකම ඕනෑම වෙබ් අඩවියක් සදහා සක්‍රිය කර ගැනීමට හැකියාව ඇත.

Source: XDA

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara