Google Search එකේ ඔබේම විස්තර පෙන්වන්න, People Cards

ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ වගේම දැන් ඔබේ profile එකත් Google Search එකේ පෙන්වන්න පුළුවන්.

Google Search එකේ ඔබේම විස්තර පෙන්වන්න, People Cards

ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ search වලදී Google Search page එකේ දකුණු පැත්තෙන් ඔවුන්ගේ විස්තර පෙන්වන 'cards' ඔබ ඕනේ තරම්  දැක ඇති.

ඒ වගේම card පහසුකමක් දැන් සාමාන්‍ය Google Account users ලා ටත් දෙන්න Google විසින් පහසුකම් සපයල තියෙනවා.

ඔබ ගැන කුඩා විස්තරයක්, photo එකක්, location, social media හෝ website links වැනි දේවල් මේ card එකට ඇතුලත් කරන්න පුළුවන්. සරලවම ගත්තොත් virtual business card එකක් වගේ තමයි.

People Cards කියා හඳුන්වන මේ feature එක දැන් අවුරුද්දක පමණ ඉඳල Google සමාගම ඉන්දියාවේ test කරලා තියෙනවා.

මේ වගේ tool එකක වැඩිපුරම අවශ්‍යතාවය තිබුණේ ඉන්දියාවට නිසා තවමත් එරටට විතරක් මෙය සීමා කරනවා කියල තමයි Google සමාගම ප්‍රකාශ කර තිබුනේ.

ඒ වගේම මේ තොරතුරු වල නිවැරදිතාවය පරික්ෂා කරන්න automated tools වගේම users ලගේ සහයත් ගන්නවා කියල ඔවුන් ප්‍රකාශ කර තිබුණා. නොගැලපෙන, අසත්‍ය තොරතුරු දැක්කොත් එවෙලේම report කිරීමේ හැකියාව තියෙනවා.

තමන්ගේ People Card එක හදාගන්නේ කොහොමද?

කරන්න තියෙන්නේ mobile එකෙන් "Add me to search" කියල Google කරන්න විතරයි. එතකොට ඔබේ card එක හදාගන්න අවශ්‍ය form එකක් ලැබෙනවා.

ඉන්දියාවෙන් මිදිලා අඩුම දකුණු ඉන්දීය කාලපයටවත් මේ පහසුකම විහිදුනොත් ලංකාවටත් ළඟදීම People Cards  පාවිච්චි කරන්න පුළුවන් වේවි.

ඒ වගේම අපේ search history වලට අමතරව රැකියාව හා පෞද්ගලික තොරතුරු අපි ලවාම රැස් කරගන්න විදිහක් ලෙසටත් මේ feature එක හඳුන්වන්න පුළුවන්. ඒ හින්දා තමන්ගේ ව්‍යාපාර ආශ්‍රිත විස්තර විතරක් ඇතුලත් කරන එක ඇඟට ගුණයි.

News Source: TechCrunch

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara