Bard සේවාවේ නම Gemini ලෙසින් වෙනස් කිරීමට Google සමාගම කටයුතු කර​යි

Geminiහීම Application එකක් වූ මේ Chatbot Bard ලෙසින් වෙනත් නමකින් හඳුන්වාදීමකින් තොරව ඊයේ දිනයේදී (08) Google සමාගම විසින් නිල වශයෙන් මෙය Google Gemini ලෙසින් නැවත හඳුන්වාදෙනු ලැබුවා.

Bard සේවාවේ නම Gemini ලෙසින් වෙනස් කිරීමට Google සමාගම කටයුතු කර​යි

ගිය වසරේදී Google I/O event එකේදී හඳුන්වාදුන් Google Bard, AI Chatbot එක ChatGPT සඳහා ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ලැබුවා. මේ Google Bard ක්‍රියාත්මක වූයේ ඔවුන්ගේ Gemini නම් වූ Large Language Model (LLM) එක මතයි.

මෙලෙස Geminiහීම Application එකක් වූ මේ Chatbot Bard ලෙසින් වෙනත් නමකින් හඳුන්වාදීමකින් තොරව ඊයේ දිනයේදී (08) Google සමාගම විසින් නිල වශයෙන් මෙය Google Gemini ලෙසින් නැවත හඳුන්වාදෙනු ලැබුවා.

මෙය Gemini හි Pro 1.0 Model එක වන අතර මෙය භාෂා 40ක් සහ රටවල් 230ක් සඳහා සහාය දක්වනු ලබනවා. තවද මේ Gemini සඳහාම විශේෂිත වූ App එකක්ද හඳුන්වා දී තිබෙනවා.

මේ Geminiහි Ultra 1.0 Model එක Gemini Advanced ලෙසින් Paid Plan එකක් හඳුන්වාදී තිබෙනවා. මෙය මිලදී ගන්නේ නම් ඔබට මුල් මාස 2 නොමිලේ භාවිතා කළ හැකි අතර ඉන් පසු මසකට රු. 6425ක මුදලක් අය වනු ලබනවා.

මෙම Gemini ChatBot ඔබට https://gemini.google.com වෙත පිවිස භාවිතා කළ හැකියි.


මෙම Model දෙකෙන් ම ඔබට Bardහි සිදුකළ සියලුම ක්‍රියාවන් සිදු කළ හැකි අතර, මේ පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

Source: blog.google.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna