Trusted Contacts app සේවාව අත්හිටුවීමට Google සමාගම සූදානම් වේ

Trusted Contacts app සේවාව අත්හිටුවීමට Google සමාගම සූදානම් වේ

2016 දි Google සමාගම විසින් Trusted Contacts app එක හදුන්වා දුන්නේ අපට විශ්වාසදායක හෝ සමීප පුද්ගලයින් සමග අපේ Location Info Share කර ගැනිමට උපකාරි වන ආකාරයටයි. මේ දක්වා Trusted Contacts app එක වසර කිහිපයක් තිස්සේ නව Features කිහිපයක් ද සමගින් සේවාව ලබා දුන් අතර මේ වන විට Google සමාගම විසින් මේ App එකේ සේවාව අත්හිටුවීමට සුදානමින් සිටිනවා.

මේ App එක Android සදහා මෙන්ම iOS සදහාත් සහය දැක්වු අතර මෙය අපේ Location අපේ මිතුරන් හෝ පවුලේ සමාජිකයන් අතර ඉතා ඉක්මනින් හා ආරක්ෂාකාරිව Share කිරිමට පහසුකම් සැලසු App එකක් බව කියන්න පුළුවන්. මේ App එක ඔබ තවමත් භාවිත කරනවා නම් තව ටික කලක් කිසිදු ගැටලුවකින් තොරව භාවිත කිරිමේ හැකියාව පවතිනවා. එනම් ඔබගේ Device එකට මේ App එක Install කර තිබෙනවා නම් එය තව ටික කාලයක් භාවිත කල හැකි වෙනවා.

දෙසැම්බර් පළමු වනදායින් පසුව මේ App එක භාවිත කල නොහැකි වෙනවා. නමුත් දෙසැම්බර් පළමු වන දින විටත් භාවිත කරන Trusted Contacts App සදහා ඉදිරියටත් කෙටි කලක් භාවිත කල හැකි වන අතර මේ වන විට එය App Store හා Google Play Store තුලින් ඉවත් කර තිබෙනවා.

Trusted Contacts App එක පසුගිය වසර කිහිපය පුරාම ඉතා වැදගත් සේවාවක් ඉටු කර තිබෙනවා. Google සමාගම පවසන්නේ Trusted Contacts App එක හරහා ලබා දුන් Location Sharing Function එක Google Map වෙත ලබා දි ඇති බවයි. දැන් Google Maps සමග Built in Feature එකක් විදිහට ලැබෙනවා.

Sources : Android Police, Engadget

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna