Google Podcasts නිල වශයෙන් නවතා දමයි

Google Podcasts නිල වශයෙන් නවතා දමයි

පසුගිය වසරේ සැප්තැම්බර් මස Google සමාගම විසින් නිවේදනය ක​ල පරිදි ඔවුන්ගේ Podcast App එක වන Google Podcasts නිල වශයෙන්ම නවතා දැමීමට කටයුතු කර තිබෙනවා.

Google Podcasts app එක 2024දී විශ්‍රාම යැවීමට Google කටයුතු කර​යි
Google සමාගම ප්‍රකාශ කර තිබෙන්නේ Youtube music සදහා අවස්ථාව ලබා දෙමින් Google podcast හි අවසානය සනිටුවන් කරමින් එය අත්හිටවීමට ඔවුන් මේ වන විට සූදානම් බවයි. මධ්‍යගත podcast ගමනාන්තය ක අවශ්‍යතාවය මත ඔවුන් මෙම තීරණ ගෙන ඇති අතර Google podcast සේවාව අත්හිටවීම පිළිබද හරි හැටි දිනයක් ලබා දී නොතිබුන ද 2024 වසරේ දී එය ස්ථීරවම අත්හිටවන බව ප්‍රකාශ කර ඇත. ඒ වන තෙක් Poogle podcast සේවය යථා තත්ත්වයෙන් කිසිදු දෝෂයකින් තොරව සාමාන්‍ය පරිදි ක්‍රියා කරන බව දන්වා ඇත. Google blog post හි ඔවුන් සටහන් කර තිබෙන්නේ මේ

පසුගිය වසරේ සැප්තැම්බර් මස Google සමාගම විසින් ක​ල නිවේදනය

ඒ අනුව පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී Podcast සඳහා සවන්දීමේ හැකියාව Youtube Music ඔස්සේ ලබා දීමට Google සමාගම විසින් කටයුතු කරනු ලැබුවා. ඔවුන් Blog Post එකේ සඳහන් කර ඇති ආකාරයට Google Podcasts App එක ඔස්සේ ලබා ගත් සම්පුර්ණම අත්දැකීම, ඊට​ත් වඩා වැඩි දියුණු ආකාරයට YouTube Music App එක ඔස්සේ ලබා ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා.

Image Source - My smart price

කෙසේ වෙතත් තවමත් ඔබ Podcasts සඳහාම වෙන් වු Apps පිළිබඳව විමසිලිමත් නම් ඔබට Apple Podcasts, YouTube Music, Spotify, Deezer, Pocket Casts සහ Overcast යන Apps හඳුන්වා දෙන්න පුලුවන්.

Source: bgr.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara