Remote ආකාරයට ඔබගේ අනෙක් Devicesවල ඇති App ඉවත් කිරීමේ හැකියාව Play Store ඔස්සේ ලබා දෙයි

මීට පෙර සිටම Remote ආකාරයට, එනම් ඔබගේ Google Account එකම සහිත වෙනත් Device එකකට App Install කිරීමේ හැකියාව Play Store ඔස්සේ ලබා දී තිබුණා. කෙසේ වෙතත් එලෙස App Install කිරීමේ හැකියාව පැවතුනද App UnInstall කිරීමේ හැකියාව ලබා දී තිබුණේ නැත.

Google සමාගම විසින් Play Store සඳහා ලබා දී ඇති නවතම Update එකක් ඔස්සේ Remotely App UnInstall කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

ඒ අනුව Google Play Store එක Open කර එහි ඇති Manage App & Device වෙත පිවිස එහි තිබෙන Manage Tab එක ඔස්සේ ඔබට App UnInstall කිරීමට අවශ්‍ය Device එක Select කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඉන් පසුව ඔබට UnInstall කිරීමට අවශ්‍ය App තොරා ඒ ඔස්සේ ඒවා UnInstall කළ හැකි වෙනවා.

Image - Android Authority

මේ වන විටත් මේ නව විශේෂංගය Play Store වෙත ලබා දී ඇති අතර, තවමත් ඔබට මෙම පහසුකම ලැබි නොමැති නම් ඉදිරි සති ඇතුළත ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

Source: Androidauthority

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna