Google Play Storeහි Telegram යෙදුම බාගත කිරීම් වාර ගණන බිලියනය පසු කරයි

Google Play Storeහි Telegram යෙදුම බාගත කිරීම් වාර ගණන බිලියනය පසු කරයි

ෆේස්බුක් සහ එහි යෙදුම්වල මෑතකදී සිදු වූ බිඳවැටීමෙන් වැඩි ප්‍රයෝජනයක් ලැබූ එක් messenger app එකක් ලෙස ටෙලිග්‍රෑ​ම් හදුන්වා දිය හැක. Telegram යෙදුම අඛණ්ඩව වේගයෙන් වර්ධනය වෙමින් පවතී. එය කොපමණ ප්‍රමාණයකින් වර්ධනය වී ඇතිද?

ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් වන Play Store හි බිලියනයක බාගත කිරීම් සංඛ්‍යාව පසු කිරීමට Telegram යෙදුම මේ වන විට සමත් වී ඇත. මේ අනුව ටෙලිග්‍රෑම් යෙදුම භාවිතා කරන ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයින් මේ වන විට බිලියනයකට වඩා සිටින බවයි Play store දත්ත වාර්තා පෙන්වා දෙනු ලබන්නේ.

එසේම, app store වෙතින් Telegram යෙදුම ස්ථාපනය කරන අයිෆෝන් සහ අයිපෑඩ් භාවිතා කරන්නන් මෙන්ම පරිගණකය සඳහා ටෙලිග්‍රෑම් භාවිතා කරන පරිශීලකයින්ද තවමත් සිටින බව නිසා ටෙලිග්‍රෑම් පරිශිලකයින්ගේ සීඝ්‍ර වැඩිවීමක් මේ වන වි​ට අපට දක්නට ලැබේ.

වට්සැප් ආයතනයේ Privacy Policy ගැටලුව සමග සංක්‍රමණය වූ පරිශීලකයින් මෙන්ම පසුගිය දිනක සිදු වූ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් හි බිද වැටීම්ද මෙයට හේතු වී තිබෙනවා.

ටෙලිග්‍රෑම් නිර්මාතෘ වන පවෙල් ඩුරොව් පසුගිය දිනක ප්‍රකාශ කරේ ෆේස්බුක් ආයතනයේ සිදු වූ බිද වැටීම නිසා මිලියන 70 ක නව පරිශීලකයින් ප්‍රමාණයක් ටෙලිග්‍රෑම් වෙත වාර්තා කළ බවයි.

එමෙන්ම මෙම පරිශීලක ප්‍රජාවෙහි වැඩි වීමත් සමගම ටෙලිග්‍රෑම් id ගණන මේ මාසයේදී බිලියන 2 ඉක්මවන පුවතක් පිළිබදව ද අප විසින් පල කරන ලදී.

වැදගත්ම කරුණ නම්, Telegram යෙදුම 2020 මැයි මාසයේදී Play Store හි මිලියන 500 සීමාව පසු කරන ලදී. එනම් කෙටි කාලයක් තුල මෙම බිලියනයේ බාගත කිරීම් සීමාව පසුකිරීමට ඇන්ඩ්‍රොයිඩ් යෙදුම සමත් වී ඇත.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna