Google Play Pass තවත් රටවල් 24කට ලබා දීමට Google සමාගම කටයුතු කරයි

Google Play Pass තවත් රටවල් 24කට ලබා දීමට Google සමාගම කටයුතු කරයි

පසුගිය වසරේ සැප්තැම්බරයේදී ගූගල් සමාගම සිය යෙදුම් සහ ක්‍රීඩා දායකත්ව සේවාව Play Pass එක්සත් ජනපදයේ ක්‍රියාත්මක කළේය. සමාගම දැන් යුරෝපය පුරා රටවල් 24 ක් දක්වා මෙම සේවාව පුළුල් කර තිබේ .

මෙම ව්‍යාප්තියට පෙර එක්සත් ජනපදය, ජර්මනිය, එක්සත් රාජධානිය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය, අයර්ලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල Play Pass ලබා ගත හැකි විය. අලුතින් එකතු කරන ලද රටවල් ලැයිස්තුව පහත බලන්න:

  • ඔස්ට්‍රියාව
  • බෙල්ජියම
  • බල්ගේරියාව
  • ක්‍රොඒෂියාව
  • සයිප්‍රසය
  • චෙක් ජනරජය
  • ඩෙන්මාර්කය
  • එස්තෝනියාව
  • ෆින්ලන්තය
  • ග්‍රීසිය
  • හංගේරියාව
  • ලැට්වියාව
  • ලිච්ටෙන්ස්ටයින්
  • ලිතුවේනියාව
  • ලක්සම්බර්ග්
  • මෝල්ටාව
  • නෙදර්ලන්තය
  • නෝර්වේ
  • පෝලන්තය
  • පෘතුගාලය
  • රුමේනියාව
  • ස්ලොවැකියාව
  • ස්ලොවේනියාව
  • ස්වීඩනය

ප්ලේ පාස් දැන් රටවල් 34 ක ඇත. අවාසනාවකට මෙන්, ලංකාව තවමත් නිල වශයෙන් සහාය දක්වන රටක් නොවේ. කෙසේ වෙතත්, අවම වශයෙන් මීළඟ ව්‍යාප්තියේ දී ගූගල් විසින් Play Pass අප රට තුළට ගෙන එනු ඇතැයි අපට අපේක්ෂා කළ හැකිය.

ප්ලේ පාස් පුළුල් කිරීමේදී ගූගල් තවමත් සාපේක්ෂව මන්දගාමී වන අතර ඇපල් සමාගමේ සමාන සේවාවක් වන Apple Arcade රටවල් 150කට අධික සංඛ්‍යාවක තිබේ.  ගූගල් ප්ලේ පාස් හි දැනට apps සහ game500 කට වඩා තිබේ. ඔබට ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් හෝ ටැබ්ලටයක් තිබේ නම් ඇන්ඩ්‍රොයිඩ් 4.4 සහ Play Store version 16.6.25 සහ ඊට ඉහළින් තිබේ මෙම ‍සේවාව ලබාගත හැකිය.

මෙම සේවාව සඳහා මසකට ඩොලර් 4.99 ක් සහ එක්සත් ජනපදයේ වසරකට ඩොලර් 29.99 ක් වැය වේ. ඔබට තවත් පවුලේ සාමාජිකයන් 5 දෙනෙකු සමඟ දායකත්වය බෙදා ගත හැකිය. සමාගම විසින් දින 10 ක නොමිලේ අත්හදා බැලීමක් ද ලබා දෙන අතර එමඟින් සේවාවෙන් අපේක්ෂා කළ යුතු දේ පිළිබඳව වඩා හොඳ අදහසක් ලබා ගත හැකිය.

Sources: XDA Developers, Android Police

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara