අඟල් 10.95ක තිරයකින් යුතු Pixel Tablet එකක් එලිදැක්වීමට Google සූදානම් වන බවට තොරතු​රු

අඟල් 10.95ක තිරයකින් යුතු Pixel Tablet එකක් එලිදැක්වීමට Google සූදානම් වන බවට තොරතු​රු

පසුගිය සති කිහිපය පුරාවටම Resource Developer කෙනෙකු වන Kuba Wojciechowski විසින් විටින් විට Pixel Tablet එකෙහි SoC, Cameras වැනි දෑ පිළිබඳ හෙළි කිරීම් සිදු කරන ලදී. එමෙන්ම අනෙකුත් මූලාශ්‍ර විසින් Pixel Tablet එක 64bit-only Version of Android 13 වන අයුරින් එහි පළමු එලි දැක්වීම සිදුවිය හැකි බවට ද මත පල කරයි.

Wojciechowski විසින් මේ වන විට Pixel Tablet එකෙහි Display Specifications සහ Storage Configurations පිළිබඳ අනාවරණය කර ගැනීමට ද සමත් ව තිබෙනවා. ඔහු පවසන අන්දමට Tablet එකෙහි අඟල් 10.95 Display එකක් හා 128GB හෝ 256GB Onboard Storage එකක් ද අඩංගු විය හැකි වනවා. ඊට අමතරව Tablet එක Wi-Fi 6 සඳහා ද සහාය දැක්විය හැකි බවට Wojciechowski මත පළ කරයි.

Wojciechowski විසින් තවදුරටත් Pixel Tablet එක Engineering Validation Test (EVT) එකෙහි පවතින බවට පවසයි. එනයින් Google ආයතනය මේ වන විටත් Pixel Tablet එකෙහි Hardware Design අවසන් කර ඇති බවට සනාථ වේ. එමෙන්ම Google ආයතනය විසින් EVT සහ සහතික කිරීම සඳහා ඒකක කිහිපයක් ඉන්දියාවට යවා ඇති බව වාර්තා වන අතර, එයින් Google Pixel Tablet එක ඉන්දියාව වෙත මේ වන විටත් තම ගමන අරඹා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

Sources: XDA Developers

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara