Google Pixel 9 Series එක අගෝස්තු 13වනදා එළිදැක්වෙයි

Google Pixel 9 Series එක අගෝස්තු 13වනදා එළිදැක්වෙයි

මුළු ලෝකයේ ම ජංගම දුරකතන ලෝලීන් දෑස් අයා නො ඉවසිල්ලෙන් බලා සිටින අවස්ථා දෙකක් තිබෙනවා. ඒ තමයි Apple සමාගම විසින් iPhone එළිදක්වන අවස්ථාව සහ Google සමාගම විසින් Pixel දුරකතන එළිදක්වන අවස්ථාව. සෑම වසරකම පාහේ අගෝස්තු හෝ සැප්තැම්බර් හෝ ඔක්තෝබර් යන මාස වල දී පිළිවලින් ඉහත කී ජංගම දුරකතන මාදිලීන් දෙක Apple සහ Google සමාගම් විසින් එලි දක්වනු ලබනවා.


මෙලෙස Google සමාගම විසින් එළිදැක්වීමට නියමිත ව ඇත්තේ Pixel 9 Series එක වන අතර එය,

  • Google Pixel 9
  • Google Pixel 9 Pro
  • Google Pixel 9 Pro XL
  • Google Pixel 9 Fold

ලෙසින් Devices 4කින් සමන්විත වනවා.

මෙම Launch Event එක අගෝස්තු මස 13 වනදා උදෑසන 10ට (ශ්‍ර්‍ර්‍රි ලංකා වේලාවෙන් රාත්‍රී 10:30) ආරම්භ වීමට නියමිත වනවා. ඔබට මෙහි සජිවී විකාශය Made by Google YouTube නාලිකාව ඔස්සේ නැරඹිය හැකිවේ.

මෙම ජංගම දුරකතන වල specifications පිළබඳව නිල වශයෙන් කිසිදු තොරතුරක් පල කර නැති උනත් නව ජංගම දුරකතන සඳහා යොදා ගන්නේ Google සමාගමේ නවතම Google Tensor G4 chipset එක බව අපි කවුරුත් දන්නා කාරණාවකි.

Pixel 9 Series එක පිළිබඳව Android වැඩකාරයෝ අප විසින් ඔබට වෙත ගෙන ආ Rumors කිහිපයක්;

නිකුත් වීමට නියමිත Google Pixel 9 Device එකෙහි Renders කිහිපයක් අන්තර්ජාලයට
Google Pixel 9 Device එකෙහි Renders බොහෝ දෙනෙකු බලාපොරොත්තු වූවාටත් පෙර මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.
Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට
මෙම වසර අගෝස්​තු මාසයේදී පමණ නිකුත් වීමට නියමිතව පවතින Google සමාගමේ Pixel 9 Series එකේ Real-life images මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.
එළිදැක්වීමට නියමිත Pixel 9 Series එකේ මිල ඩොලර් 100ක පමණ වැඩි වනු ඇතැයි වාර්තා වේ
ඔබ මේ වන විටත් දන්නවා Google සමාගමේ නවතම Pixel Series එක වන Pixel 9 Series එක එළඹෙන 13 වනදා නිල වශයෙන් නිකුත් වීමට නියමිත බව. ඒ අනුව මෙහි දී Google Pixel 9, 9 Pro, 9 Pro XL

තවද මේ Launch Event එකට සමගාමීව Pixel Watch 3 සහ Pixel Buds Pro 2 යන Devices මෙන්ම Smart Home Devices කිහිපයක් ද එළිදැක්වෙනු ඇතයි ඉගි පළවනවා.


Google Pixel 9 මාදිලි පිළිබඳව වැඩි දුර විස්තර දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara