නිකුත් වීමට නියමිත Google Pixel 9 Device එකෙහි Renders කිහිපයක් අන්තර්ජාලයට

නිකුත් වීමට නියමිත Google Pixel 9 Device එකෙහි Renders කිහිපයක් අන්තර්ජාලයට

Google Pixel 9 Device එකෙහි Renders බොහෝ දෙනෙකු බලාපොරොත්තු වූවාටත් පෙර මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා. 91Mobiles වෙබ් අඩවිය හරහා මෙම Renders Leak වී තිබෙනවා.

මෙම Design Render එක දුටු විට පෙනී යන්නේ මෙහි Pixel 8 එකට වඩා කුඩා අඟල් 6.1ක පමණ Display එකක් ඇතුලත් විය හැකි වන අතර 9 Pro Device එකට අඟල් 6.5ක Display එකක් ඇතුළත් විය හැකි බවයි. තවද මෙහි Corners වල Curves පෙරට වඩා සැලකිය යුතු ප්‍රමාණයක් වැඩි කළ ඇති අතර බොහෝමයක් දුරට iPhone එකෙහි Design එකට සමාන බවක් පෙනී යනවා.

Pixel 9 renders Leaked-2

එක් වරම මෙහි කැපී පෙනෙන අංගයක් වනුයේ පිටුපස ඇති Camera Bar එක වන අතර එයද පෙරට වඩා Rounded Corners සහිතව සහ සැලකිය යුතු ලෙස එහි Bump එකද වැඩි කර තිබෙනවා.

තවද Display එක සම්පූර්ණයෙන් ම Flat වන අතර ඉතා අඩු Bezels ප්‍රමාණයක් ඇති අතර සුපුරුදු පරිදි Front Cam එක සඳහා Punch Hall එකක් ඇතුළත්ව තිබෙනවා.

Source: 91mobiles.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara