එළිදැක්වීමට නියමිත Google Pixel 8 සහ Pixel 8 Proහි තොරතුරු කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වෙයි

Google සමාගම විසින් නිකුත් කිරීමට නියමිත නවතම Google Pixel 8 Pro ජංගම දුරකතනයේ ඡායාරූපයක් Google සමාගම සමඟ අනුබද්ධ අයෙක් විසින් Redditහි පළකර තිබෙන අතර ඒ තුළින් එම Smartphones පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

එළිදැක්වීමට නියමිත Google Pixel 8 සහ Pixel 8 Proහි තොරතුරු කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වෙයි

Google සමාගම විසින් නිකුත් කිරීමට නියමිත නවතම Google Pixel 8 Pro ජංගම දුරකතනයේ ඡායාරූපයක් Google සමාගම සමඟ අනුබද්ධ අයෙක් විසින් Redditහි පළකර තිබෙනවා. මෙහි පිටුපස "for test/evaluation only" ලෙස Sticker එකක් අලවා ඇති අතර එහි "Zuma - B1" ලෙසද කේතයක් සඳහන් වනවා.

මෙය බොහෝ දුරට Googleහි නව Tensor G3 chip එක විය හැකි බව සඳහන් වනවා. එමෙන්ම ඉදිරිපස තිරයේ Fastboot Modeහි 12GB Samsung LPDDR5 DRAM සහ 128GB Storage පිළිබඳව තොරතුරු කිහිපයක් සඳහන් වනවා. මෙහි "Husky" ලෙස සඳහන් කර ඇත්තේ Pixel 8 Pro සඳහා කලින් හෙළි කළ කේත නාමයයි.

Source: Reddit

Google Pixel 8 සහ Pixel 8 Proහි කැමරාව

මෙම වසරේ පැමිණීමට නියමිත Google Pixel 8 සහ Pixel 8 Pro Camera සඳහා Samsung ISOCELL GN2 Sensor එක භාවිතා කරනු ලබනවා. මෙය ISOCELL GN1 Sensor එකට වඩා විශාලවන අතර 35% වඩා වැඩි අඩු ආලෝකයක් සහිත ඡායාරූප ග්‍රහණය කළ හැක. මෙයින් 8K/30fps දක්වා Video Record කිරීමේ හැකියාවද පවතිනවා.

Google Pixel 8 Pro හි පිටුපස මදක් විශාල Sensorවලින් යුත් Camera තුනකින් සමන්විත බව මෙම ඡායාරූපයේ දැක්වෙනවා. Pixel 7Pro හි Telephoto Lens එක වෙන් වෙන් වශයෙන් පැවතියද Pixel 8 Proහි ඕවලාකාර හැඩයෙන් යුත් සම්පූර්ණ තනි වීදුරුවකින් Camara තුනම ආවරණය කර ඇති අතර දැනට පවතින තොරතුරුවලට අනුව 50MP Main Sensor, 64MP Ultra-Wide, සහ 5x Telephoto Lens එකකින් සමන්විත වනවා.

Source: androidauthority.com

රසවත්ම කරුණ නම්, දැනට Leak වී ඇති තොරතුරුවලට අනුව Google 8 Proහි ශරීර උෂ්ණත්වය මැනිය හැකි Thermal Sensor එකක් ඇතුලත් වීම‍යි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් වෙනත් විශේෂ තොරතුරක් සඳහන්ව නොමැතිවනවා.

මෙවැනි Google Pixel 8 සහ Pixel 8 Pro පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැදී සිටින්න.

Sources: androidauthority.com theverge.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara