Google Pixel 6 සහ Pixel 6 Pro මාදිලීන් ඔක්තෝම්බර් 19 වන දින නිකුත් කරන බව Google සමාගම නිල වශයෙන් නිවේදනය කර​යි

Google Pixel 6 සහ Pixel 6 Pro මාදිලීන් ඔක්තෝම්බර් 19 වන දින නිකුත් කරන බව Google සමාගම නිල වශයෙන් නිවේදනය කර​යි

මුළු ලෝකයේම ජංගම දුරක්තන ලෝලීන් දෑස් අයා නොඉවසිල්ලෙන් බලා සිටින අවස්ථා දෙකක් තිබෙනවා. ඒ තමයි ඇපල් සමාගම විසින් iPhone එලිදක්වන අවස්ථාව සහ Google සමාගම විසින් Pixel දුරකතන එලිදක්වන අවස්ථාව. සෑම වසරකම පාහේ සැප්තම්බර් සහ ඔක්තෝම්බර් යන මාස වලදී පිලිවෙලින් ඉහත කී ජංගම දුරකතන මාදිලීන් දෙක ඇපල් සහ ගූගල් සමාගම විසින් එලි දක්වනු ලබනවා.

මේ වන විට ඇපල් සමාගම විසින් 2021 වර්ෂය සඳහා වන ජංගම දුරකතනයන් එලිදක්වා අවසන්ව ඇති අතර මේ වන විට වෙළඳපලෙන් මිලදී ගැනීමේ හැකියාවද පවතිනවා. දැන් ඉතිරිව පවතින්නේ ගූගල් සමාගමේ අවස්ථාවයි. මේ වන ගූගල් සමාගම විසින් 2021 වර්ෂය සඳහා ඔවුන් එලි දැක්වීමට නියමිත​ව පවතින Pixel 6 මාදිලියේ ජංගම දුරකතන පෙල ​එලිදක්වන දිනය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ගූගල් සමාගම විසින් Pixel Fall Launch event නමින් වන event එක හරහා මෙම එලිදැක්වීම ඔක්තෝම්බර් 19 වන දින උදෑසන 10ට (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10:30ට) සිදු කිරීමට නියමිතව පවතිනවා. ගූගල් සමාගම විසින් මෙම නිවේදනය සිදුකරනු ලැබුවේ Android 12 AOSP එලිදැක්වීමෙන් දිනකට පසුව වීමත් විශේෂත්වයක් වේ.

Google සමාගම විසින් මෙම Pixel 6 මාදිලියේ ජංගම දුරකතනයන් එලිදැක්වීම සඳහා සාම්ප්‍රදායෙන් පිටට ගො​ස් ඒ සඳහාම වෙන් වූ වෙබ් අඩවියක් එලිදක්වා ඇති අතර එය​ට pixelevent.withgoogle.com හරහා ලොව පුරා වෙසන අයට පිවිසීමේ හැකියාව පවතිනවා. එම වෙබ් අඩවිය පවා ඔවුන් විසින් නිර්මාණය කර තිබෙන්නේ මෙවර Pixel 6 මාදිලිය සඳහා Google සමාගම විසින් යොදාගෙන ඇති නව අතුරු මුහුණතේ භාවිතා කර ඇති elementsය.

මෙම වෙබ් අඩවිය මෙම ජංගම දුරකතන වල specifications පිළබඳව කිසිදු ඉඟියක් හෝ පල කර නැති උනත් නව ජංගම දුරකතන සඳහා යොදා ගන්නේ Google සමාගම Samsung සමාගම හා එක්වී නිෂ්පාදනය කරන ලද නවතම Google Tensor නම් chipset එක බව අපි කවුරුත් දන්නා කාරණාවකි.

Google Pixel 6 මාදිලි පිළිබඳව වැඩි දුර විස්තර දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ සමඟින් රැදී සිටින්න.

Sources: 9to5Google, XDA Developers

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara