COVID-19 සඳහා වන සීමා හේතුවෙන් Google Pixel 6 සහ 6 Pro නිෂ්පාදන චීනයේදී සිදු කිරීමට කටයුතු කරයි

COVID-19 සඳහා වන සීමා හේතුවෙන් Google Pixel 6 සහ 6 Pro නිෂ්පාදන චීනයේදී සිදු කිරීමට කටයුතු කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Pixel Devices නිෂ්පාදනය චීනයේ සිදු කරන අතර ඇමරිකා එක්සත් ජනපදය සදහා මෙම Devices අපනයනය කිරිමේදි Google සමාගමට විශාල ආනයනය බද්දක් ගෙවිමට සිදු වුණා. මේ සදහා විසදුම් ලෙස පසුගිය වසරේදි Google සමාගම විසින් Pixel Devices නිෂ්පාදනය උතුරු වියට්නාමයේ පිහිටි පැරණි Nokia නිෂ්පාදනය කර්මාන්තශාලාව වෙත ගෙන යාමට තිරණය කර තිබුණා.

කෙසේ වෙතත් මේ වෙන විට ලොව පුරා පවතින Covid වසංගත තත්වයත් සමග Google සමාගම ඔවුන්ගේ ඉදිරි Pixel Devicesවල නිෂ්පාදන කටයුතු සුපුරැදු පරිදි චීනයේ සිටම සිදු කිරිමට සුදානම් බවට මේ වෙන විට තොරතුරු වාර්තා වෙනවා.

ඔවුන් විසින් Pixel 5 Smart Phone එක වියට්නාමයේ නිෂ්පාදනය සදහා සුදානමින් සිටි නමුත් පැවතුණ වසංගත තත්වය නිසා ඔවුන්ට එම සැලැස්ම සාර්ථක කර ගැනිමට නොහැකි වුණා. එම නිසා ඉදිරයේදි නිකුත් විමට නියමිත Pixels 6 Series එකේ නිෂ්පාදන කටයුතු චීනයේ ෂෙන්සන්හි ( Shenzen ) දි සිදු වෙනු ඇත.

ඒ වගේම Covid වසංගත තත්වය නිසා මෙවැනි තත්වයකට මුහුණ දුන් එකම සමාගම Google සමාගම පමණක් නොවන අතර Apple සමාගමත් ඔවුන්ගේ නිෂ්පාදනවලින් කොටසක් නිපදවිම සදහා වියට්නාමය තෝරාගෙන තිබුණ අතර ඔවුන්ටත් මේ වෙන විට ඔවුන්ගේ නිෂ්පාදන චීනයේ සිටම නිෂ්පාදනය කිරිමට සිදු වි තිබෙනවා.

Source : Gizmochina, Nikkei, Phone Arena

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara