Google Photos හරහා photo edit කිරීමට ඉදිරියේදී මුදල් ගෙවීමට සිදුවන ලකුණු

Google Photos හරහා photo edit කිරීමට ඉදිරියේදී මුදල් ගෙවීමට සිදුවන ලකුණු

Google කියන්නේ එක විදිහක advertising agency එකක් බව ඔබ දන්නවා ඇති නේ. ගිය වසරේ ඔවුන්ගේ ආදායමෙන් 70%ක් පමණ රැස් වී තිබෙන්නේ මේ ads වෙළඳාමෙන්. ඒ නිසාම තමයි ඔවුන්ට අපි එදිනෙදා භාවිතා කරන Google Apps බොහොමයක් නොමිලයේ දෙන්න හැකි වී තිබෙන්නේ. ඇත්තම කිව්වොත් Apps නොමිලේ ලබා දෙන්නේ එයාලගේ Advertising වලට ඕන දත්ත එක් රැස් කරගන්න.

නමුත් Google මෙහෙම දෙන free apps සහ 15GB drive storage එක මදි නම්, මාසිකව යම් මුදලක් ගෙවා තවත් වැඩිපුර Cloud Storage ලබා ගන්න හැකියාව තියෙනවා. මේ සේවය (subscription service එක) හඳුන්වන්නේ Google One කියලා.

Google One ලබා දෙන විවිධ plans.

Google One සේවය  බොහෝ කාලෙක ඉඳන්  ලබා දී ඇති සේවයක්. Storage වගේම free VPN service ද මේ හරහා ලබා ගන්න පුළුවන්. ඉතින් මේකේ plans තවත් ආකර්ශනීය කරගන්න ගත්ත උපායක් විදිහට මේ කලින් free දුන්න features දැන් Google One membership එකක් තියෙන අයට විතරක් ලබාගන්න පුළුවන් විදිහට සකසල තියෙනවා.

එකේ එක පියවරක් විදිහට අලුත් Google Photos app එකේත් (තාම release නොවුණු)  කලින් free විදිහට තිබුණු සමහර editing පහසුකම් ලබා ගන්න නම් Google One membership එකක් අවශ්‍ය  message එකක් එන එක හඳුන්වන්න පුළුවන්.

තම release නොවුණා වුණත් සමහර users ලාට දැනටමත් 'Colour Pop' filter එක apply කරන විට මේ message එක ඇවිත් තිබෙනවා.

ඒ වගේම මේ අලුත් Google Photos සංස්කරණයේ filters ලෙස Dynamic, HDR, සහ Vivid filters වගේම අහසේ පැහැය adjust කල හැකි Afterglow, Airy, Ember, Luminous, Radiant, and Stormy වගේ options ද ඇතුලත් වෙනවා.

කොහොම වුණත් Google One membership එකක් අවශ්‍ය වෙන්නේ මෙලෙස අලුතෙන් එකතු වෙන features සඳහා පමණක් වනු ඇති බවයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙන්නේ.

Source: xda

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara