Google One හරහා Phone Backup සහ Storage Manager පහසුකම් නොමිලේ ලබා දේ

Google One හරහා Phone Backup සහ Storage Manager පහසුකම් නොමිලේ ලබා දේ

පසුගියදා නිවේදනය කළ පරිදි, Google සමාඟම විසින් ඔවුන්ගේ ස්වයංක්‍රීය Phone Backup පහසුකම සියළු Google One app එක භාවිතා කරන්නන් වෙත ලබා දීමට තීරණය කර ඇත. ඒ සමඟම නව Storage Manager යෙදවුමක්ද ඔවුන් විසින් හඳුන්වා දෙන ලදි. එමඟින් පාරිභෝගිකයන් හට ඔවුන්ගේ storage ඉඩකඩ කළමනාකරණය කිරීම සිදුකරගත හැක. Android පාරිභෝගිකයන් හට ඉදිරි දින කීපයේදී මෙම පහසුකම් හිමි වන අතර, iOS App සඳහාද ළඟදීම මෙම පහසුකම් ලබාදෙන බව ප්‍රකාශ කර ඇත.

මෙම ස්වයංක්‍රීය phone backup පහසුකම පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ Google One පාරිභෝගිකයන් හට හඳුන්වා දෙන ලදි. නමුත් ඒ සඳහා මුදල් ගෙවා subscription plan එකක් ලබාගත යුතුව තිබුණි. නමුත් දැන් එවැනි මුදල් ගෙවීමකින් තොරව එම පහසුකම් ඔබට අත්විඳිය හැක. යාවත්කාලීන කිරීමෙන් පසු iOS app එක සඳහා ද ඡායාරූප, contacts, වීඩියෝ, සහ calendar events වැනි දෑ Google වෙත upload කළ හැකි වනු ඇත.

අලුතින් හඳුන්වා දෙන ලද Storage Manager යෙදුම හරහා ඔබගේ Google Drive හි ඇති සියළු ගොණු කලමණාකරනය කිරීමට සහ Gmail, Photos ආදියද කළමනාකරණය කළ හැකි වනු ඇත. එමඟින් ඔබට අනවශ්‍ය ගොණු මකා දමා ඔබගේ ඉඩකඩ ප්‍රයෝජනවත් ලෙස භාවිතා කිරීමට හැකි වනු ඇත.

Google විසින් පෙර සිටම ලබා දෙන 15GB ඉඩ ඔබට ප්‍රමාණවත් නොවේ නම්, ඔබට Google One හරහා ඔබට අවශ්‍ය තරමේ ඉඩක් සහිත පැකේජයක් මුදල් ගෙවා ලබාගත හැක. ඔබ මෙසේ මිළ දී ගන්නා Plan එක ඔබගේ පවුලේ සාමාජිකයන් 5 දෙනෙකු අතර ද බෙදාගත හැක.

මෙම කාරණාව පිළිබඳව මාගේ පෞද්ගලික මතය නම්, අඩු ජනප්‍රියත්වයක් ඇති Google One ඇප් එක ප්‍රචලිත කිරීමේ අරමුණෙන් Google සමාඟම විසින් මෙම ප්‍රයෝගය යොදා ඇති බවයි. එමඟින් ඔවුන්ගේ Google One ඇප් එක හරහා ලබාගත හැකි මුදල් ගෙවන subscription plans ඉබේම ජනප්‍රිය වේ.

Google One - Apps on Google Play
Google One is a membership for expanded storage that includes extra benefits to help you get more out of Google. You can use the Google One app to:• Manage your storage plan, which covers Google Drive, Gmail and original quality photos and videos in Google Photos.• Automatically back up your phon…

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara