Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් මෑතකදී UniSuper නම් ඕස්ට්රේලියානු විශ්‍රාම වැටුප් අරමුදලට අදාලව ඩොලර් බිලියන 125කට ආසන්න වටිනාකමකින් යුතු Private Google Cloud ගිණුමක් වැරදීමකින් මකා දමා තිබෙනවා.

මේ හේතුව නිසා මිලියන බාගයක පමණ වු UniSuper අරමුදලේ සමාජිකයින්ට ඔවුන්ගේ ගිණුම් සඳහා ප්‍රවිශ්ඨ වීම සතියක පමණ කාලසීමාවක් සඳහා ඇණහිට තිබුණා. කෙසේ වෙතත් මෙම අරමුදල සඳහා වෙනත් Could සේවා සපයන්නෙකුගෙන් ලබා ගෙන තිබු Backup ගිණුම නිසා පසුගිය මැයි 2 වනදා වන විට සුපුරුදු පරිදි ගිණුම්වලට ප්‍රවිශ්ඨ විමේ හැකියාව ලැබි තිබෙනවා.

එමෙන්ම මේ පිළිබඳව Google සමාගම විසින් UniSuper සමඟින් එකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ “මෙය නොවිය යුත්තක් බවත්, අනාගතයේදී මෙවන් දැ නැවත සිදු වීමට ඉඩ නොතබන බවයි”.

Google Cloud මේ වන විට ලොව විශාලතම සමාගම් 1000 අතුරෙන් 60%කට සහ 90%ක් පමණ වු Generative AI unicorns සඳහා සේවා ලබා දෙන අතර Volkswagen සහ Royal Bank of Canada ආදි ලොවපුරා සමාගම් මිලියන භාගයක් පමණ Google Cloud සේවාව ඔවුන්ගේ පාරිභෝගිකයින් සඳහා සේවා ලබා දීම සඳහා භාවිත කරනු ලබනවා.

Source: Yahoo

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara