4th Gen Tensor Chipset එකේ සිට මීළඟ Tensor Chipset සියල්ලම Google සමාගම විසින්ම නිපදවීමට සුදානම් වන බවට තොරතුරු වාර්තා වේ

Google Tensor G4 Chipset එකේ සිට ඉදිරි Versionවල Chipset සම්පූර්ණයෙන්ම Google සමාගම විසින්ම සැළසුම් කිරීමට සහ නිෂ්පාදනය කිරීමට සුදානම් බවට තොරතුරු වාර්තා වෙනවා.

4th Gen Tensor Chipset එකේ සිට මීළඟ Tensor Chipset සියල්ලම Google සමාගම විසින්ම නිපදවීමට සුදානම් වන බවට තොරතුරු වාර්තා වේ

ඔබට මතක ඇති පසුගිය 2021 වසරේදී Google සමාගම විසින් ඔවුන්ගේ Pixel 6 Series එකට යොදා ගත් ඔවුන් විසින්ම නිපදවු 1st Gen Google Tensor Chipset එක පිළිබඳව. ඉන් පසුව Google Pixel 7 Series එක සඳහා Samsung සමාගමත් සමඟින් නිපදවු 2nd Gen Google Tensor Chipset එකත් භාවිත කරනු ලැබුවා. කෙසේ වෙතත් මෙලෙස Samsung සමාගම ඔස්සේ මේ Chipset එක නිර්මාණය කිරීම සඳහා Google සමාගම විසින් කටයුතු ආරම්භ කළේ පළමුව නිකුත් වු 1st Gen Tensor Chipset එක Snapdragon 888 සහ Apple Bionic A15 Chipsets තරම් ප්‍රබල නොවු බැවින් යන්නත් බොහෝ තැන්වල සඳහන් වනවා.

එලෙස Samsung සමාගම ඔස්සේ Google Tensor G2 නැතිනම් 2nd Gen Google Tensor Chipset එක නිෂ්පාදනය වු අතර එය Pixel 7 Series එක සඳහා යොදා ගනු ලැබුවා. ඒ වගේම මේ Tensor Chipset එකේ මීලග Version එක වන Google Tensor G3 Chipset එකත් Samsung සමාගම සමඟින් එකතුව නිෂ්පාදනය කිරීමට Google සමාගම සුදානමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

Image Source - cellphones.com

ඒ වගේම Google Tensor G4 Chipset එකේ සිට ඉදිරි Versionවල Chipset සම්පූර්ණයෙන්ම Google සමාගම විසින්ම සැළසුම් කිරීමට සහ නිෂ්පාදනය කිරීමට සුදානම් බවට තොරතුරු වාර්තා වෙනවා. කෙසේ වෙතත් මේ ඔස්සේ මේ Google Tensor G4 Chipset එක භාවිත වන Google Pixel Series එකේ මිල ගණන් යම්තාක් දුරට ඉහළ යා හැකි බවත් දක්වන්න පුලුවන්. මීට අමතරව Google Tensor G5 Chipset එක සඳහා TSMC සමාගම 3nm Manufacturing Process එකත් යොදා ගනු ඇතැයි වාර්තා වන තොරතුරුවලට අනුව දක්වන්න පුලුවන්.

Google සමාගම මෙම වෙනස්කම් ඔස්සේ ඉදිරි Google Pixel Seriesවල කැපි පෙනෙන ආකාරයේ වැඩි දියුණු වීමක් අපේක්ෂා කරන්න පුලුවන්. මේ ඔස්සේ Google සමාගමට තම Pixel Series එකේ Devices සඳහා පෙරට වඩා වැඩි මැදිහත් වීමක් සිදු කිරිමේ හැකියාව ලැබෙනු ඇති අතර ඒ ඔස්සේ ඒ ඒ Devicesවල Performance සහ Efficiency වැඩි වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Sources: Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara