Google Maps භාවිතයෙන් navigate කිරීම පහසු කිරීමට Split Screen Street View UI එකක් ලබා දීමට Google ආයතනය කටයුතු කරයි

Google Maps භාවිතයෙන් navigate කිරීම පහසු කිරීමට Split Screen Street View UI එකක් ලබා දීමට Google ආයතනය කටයුතු කරයි

Google සමාගම මගින් නිකුත් කර ඇති apps අතරින් වඩාත් ජනප්රිය සහ ප්‍රයෝජනවත් app එකක් වන Google Maps වෙත පසුගිය මාස දෙක ඇතුලත නව විශේෂාංග කිහිපයක්ම ඇතුලත් කිරිමට Google සමාගම කටයුතු කරනු ලැබුවා. මෙසේ ඇතුලත් කල නව විශේෂාංග ලෙස නව community feed එකක්, නිතර පැමිණෙන ස්ථාන වලට ප්‍රවේශ වීම සදහා Go tab ලෙස හැදින්වෙන විශේෂාංගයක්, verified වුන ව්‍යාපාර සඳහා පණිවිඩ යැවීමේ හැකියාව, නව driving mode එකක්, food delivery alerts ආදිය දක්වන්නට පුලුවන්.

මේ සියල්ලටම අමතරව split-screen UI එකක් සමග නව විශේෂාංගයක් ඇතුලත් කිරිමට Google සමාගම කටයුතු කර තිබෙනවා. Street View mode ඔස්සේ සැරිසැරීම පහසු කරන මෙම විශේෂාංගය Google Maps web version එකේ දිගු කලක් තිස්සේ පැවතුනත් ස්මාර්ට් ජංගම දුරකථන සදහා මෙය ලබා දී තිබුනේ නැහැ.

Google Maps යෙදුම විවෘත කර map එකට pin එකක් දමා Street View mode වෙත පිවිසුන පසුව ස්වයංක්‍රීයව මෙම නව split-screen UI එක ක්‍රියාත්මක වන අතර මෙසේ ක්‍රියාත්මක වූ පසුව Google Maps තිරය දෙකට බෙදෙන අතර උඩ කොටසේ Street View අතුරුමුහුණතත්, යට කොටසේ එම  Street View එකට අදාල map එකත් පෙන්වනු ලබනවා.

දැනට මෙම පහසුකම Android උපාංග සදහා පමණක් ලබා දී තිබෙනවා.

Source: XDA

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna