ChromeCast නිෂ්පාදනය නවතා දැමීමට Google සමාගම කටයුතු කරයි

වසර 11කට පසුව, උපාංග මිලියන 100කට අධික ප්‍රමාණයක අලෙවියකින් පසුව Google සමාගම විසින් ඔවුන්ගේ Google ChromeCast නිෂ්පාදනය නවතා දැමීමට තිරණය කර තිබෙනවා.

ChromeCast නිෂ්පාදනය නවතා දැමීමට Google සමාගම කටයුතු කරයි

වසර 11කට පසුව, උපාංග මිලියන 100කට අධික ප්‍රමාණයක අලෙවියකින් පසුව Google සමාගම විසින් ඔවුන්ගේ Google ChromeCast නිෂ්පාදනය නවතා දැමීමට තිරණය කර තිබෙනවා. ඒ අනුව තවමත් වෙළදපොළ පවතින ChromeCast උපාංග ඔබට මිලදී ගත හැකි වන අතර අලුතින් ඒවා නිෂ්පාදනය කිරීමක් Google සමාගම විසින් සිදු කරන්නේ නැත.


එමෙන්ම මෙලෙස ChromeCast නිෂ්පාදනය නවතා දැමුව ද ඔවුන්ගේ Support policy එකෙහි කිසිදු වෙනසක් දැනට භාවිත වන හෝ ඉදිරීයේදී අලෙවි වන උපාංග සඳහා සිදු වන්නේ නැති බවත් ඔවුන් දක්වා තිබෙනවා. තවද Software සහ Security Updates එම උපාංග සඳහා ලබා දීම තව දුරටත් සිදු වන බව ඔවුන් වැඩි දුරටත් දක්වා තිබෙනවා.

සරලවම මේ ChromeCast උපාංගය ඔබගේ රැපවාහීනිය සහ Smartphone එක සම්බන්ධ කිරීමේ හැකියාව ලබා දෙන අතර ඔබගේ Smartphone එක ඔස්සේ Photos, Video රැපවාහීනියෙන් නැරඹිමේ හැකියාවත් ලබා දෙනවා. එමෙන්ම මේ ඔස්සේ ඔබට ඔබගේ රැපවාහීනියෙන් Smart TV අත්දැකීමක් ද ලබා ගත හැකි වනවා.

කෙසේ වෙතත් මේ වන විට බොහෝ Smart රැපවාහීනි නිෂ්පාදකයින් විසින්ම Google Cast Technology එක ඇතුළත් කර වෙළදපොලට නිකුත් කරනු ලැබුවා. මෙය ඔබගේ Smartphone එක ඔස්සේ Content රැපවාහීනියෙන් නැරඹිම ඉතාමත් පහසු කරනු ලැබුවා.

මේ වන විට Google සමාගම විසින් ChromeCast නිෂ්පාදනය නවතා දමමින් ඔබගේ Smart රැපවාහීනියට තවත් විශේෂාංග ලබා දීමට ChromCast තාක්ෂණය ඔස්සේම මේ වන විට කටයුතු කර තිබෙනවා.

වසර 11 කාලයත් තිස්සේ අප වෙත නිකුත් වු ChromeCast උපාංග කිහිපයක් ගැන තොරතුරු පහතින් ඔබට දැක ගන්න පුලුවන්.

• 1st Generation ChromeCast

2013 වසරේදී වෙළදපොලට නිකුත් කළ මෙය ඔස්සේ ඔබගේ Smartphone එකේ Content රැපවාහීනිය වෙත Cast කිරීමේ හැකියාව පැවතුණා. එමෙන්ම YouTube ආදි Apps ද Cast කළ හැකිවුවා.

Image Source - Google

• 2nd Generation Chromecast

2015 වසරේදී වෙළදපොලට නිකුත් කළ මෙයට නව Design එකක් ලබා දී තිබු අතර කහ, රතු සහ කලු වර්ණවලින් යුතු වුවා. එමෙන්ම මේ සඳහා Magnetized Back එකක් ලබා දී තිබෙනවා.

Image Source - Google

• ChromeCast Audio

2015 දීම ගීත Smartphone එක හරහා Speakers හෝ Home Theater System සඳහා ඉතා පහසුවෙන් Stream කිරීම සඳහා මෙය හඳුන්වා දුන්නා. විශේෂයෙන්ම Bluetooth පහසුතම නොමැති උපාංග සඳහා.

Image Source - Google

• ChromeCast Ultra

2016 වසරේදී හඳුන්වා දුන් මෙය ඔස්සේ ප්‍රථම වරට 4K Stream කිරීමේ පහසුකම ලබා දුන් අතර Dolby Vision සඳහාත් මෙය සහාය දක්වනු ලැබුවා.

Image Source - Google

• 3rd Generation ChromeCast

2018 වසරේදී හඳුන්වා දුන් මෙය එයට පෙර මාදිලියට වඩා 15% පමණ වේගවත් වන අතර Dolby Digital PlusTM සහ Hey Google සඳහාත් සහාය දැක්වුවා.

Image Source - Google

• ChromeCast with Google TV (4K)

2020 වසරේදී හඳුන්වා දුන් මෙය Google TV සහාය සමඟින් හඳුන්වා දුන් අතර 4K සහ Voice Remote පහසුකමුත් ලබා දී තිබෙනවා.

Image Source - Google

• ChromeCast with Google TV (HD)

2022 වසරේදී Google TV HD සමඟින් හඳුන්වා දුන් අතර Apps 10,000කට වැඩි සංඛ්‍යාවත් 1080p Resolution එකෙන් යුතුව භාවිත කළ හැකි වුවා.

Image Source - Google

මේත් සමඟ මොවුන් ChromeCast වෙනුවට නවතම Google TV Streamer හඳුන්වා දී තිබෙනවා. මෙලෙස හඳුන්වා දුන් Google TV Streamer ගැන මිලග ලිපියෙන් ඔබ වෙත තොරතුරු ගෙන ඒමටත් අප බලාපොරොත්තු වනවා.

Source: blog.google
මෙවැනි වූ තාක්ෂණික කරුණු සහ නවතම තාක්ෂණික පුවත් ඉක්මනින් දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara