නොදන්නා දුරකථන ඇමතුම් හඳුනාගැනීම සඳහා නව විශේෂාංගයක් Google Phone App එක සඳහා හඳුන්වාදීමට සුදානම් වේ

Google Phone App එක වෙත Lookup Unknown Numbers ලෙසින් නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.

නොදන්නා දුරකථන ඇමතුම් හඳුනාගැනීම සඳහා නව විශේෂාංගයක් Google Phone App එක සඳහා හඳුන්වාදීමට සුදානම් වේ

Pixel දුරකථන වලට Built-in මෙන්මද අනෙකුත් Android දුරකථන සඳහා ද Play Store වෙතින් Download කරගත හැකි App එකක් වන Google Phone App එක වෙත Lookup Unknown Numbers ලෙසින් නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.

look-up-button-google-phone-app

මේ තුළින් සිදුවන්නේ අප වෙත නොදන්නා අංකයකින් ලැබුණූ ඇමතුමක් මත Click කළ විට එහි ඇති මේ Lookup Button එක මත Click කිරීම මඟින් ස්වයංක්‍රීයවම එම අංකය Google Search වී එම අංකය පිළිබඳව තොරතුරු ලබා දීමයි. මෙම Lookup Feature එක අප දුරකථනයට Save කර ඇති හෝ Save කර නොමැති සාමාන්‍ය දුරකථන අංක සඳහා වලංගු වන්නේ නැහැ.

මෙම විශේෂාංගය Google Phone App එකෙහි ඉදිරි යාවත්කාලීන මඟින් බලාපොරොත්තු විය හැකි වනවා.

මෙවැනි වූ තාක්ෂණික කරුණු සහ නවතම තාක්ෂණික පුවත් ඉක්මනින් දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.
Sources: theverge.com piunikaweb.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna