Google සමාගම් විසින් Rivet නම් ළමුන් සඳහා කියවීමේ උපකාරක App එක ඔක්තෝම්බර් 15 වනදා shut down කිරීමට තීරණය කරයි

Google සමාගම් විසින් Rivet නම් ළමුන් සඳහා කියවීමේ උපකාරක App එක ඔක්තෝම්බර් 15 වනදා shut down කිරීමට තීරණය කරයි

2018 දි Google’s Area 120 Incubator මඟින් Rivet නම් App එකක් හදුන්වා දෙන ලදි. ඔවුන් තම App එක හදුන්වා දෙනු ලැබුවේ ළමුන්ගේ කියවීමේ උපකාරක App එකක් විදිහටයි. ඔවුන් මේ App එක ගැන හැදුන්වුයේ “fun and supportive reading app for kids.” ලෙසයි. මේ වන විට මේ Rivet App එක ඉතාමත් ජනප්‍රිය තත්වයට පත්ව තිබෙනවා.  මෙය Android මෙන්ම iOS ⁣සදහාත් සහය දක්වනවා. නමුත් මේ වන විට Google සමාගම විසින් මේ App එක Shutting Down කිරිමට කටයුතු කරමින් ඉන්නවා.

මේ Rivet App එක මේ වන විට මිලියන 10කට අධික පිරිසක් බාගත කර ඇති අතර 40,000ක ප්‍රමාණයක Reviews වලටත් හිමිකම් කියන බව කියන්න ඕනේ. නමුත් මේ App එක ඉතාමත් ඉක්මනින් Shut Down කිරිමට කටයුතු කරනු ඇත. ඒ අනුව මේ App එක ඔක්තෝබර් 15 වනදා Shutdown කරනු ඇත. නොවැම්බර් 13 වනදා  මේ App එකට අදාල සියලු දත්ත මකා දැමිමත් සිදු කරන්න නියමිතයි.

Rivet App එක ඉවත් කිරිමෙන් පසුව ඒ වෙනුවට ලබා දෙන විකල්පය ගැන ඔවුන් කිසිම සඳහනක් කර නෑ. නමුත් මෙය Google Assistant මගින් ප්‍රතිස්ථාපනය කරන්න සුදානම් බව ඔවුන් ප්‍රකාශ කරල තිබෙනවා. කෙසේ වෙතත් මේ App එක භාවිත කරන පුද්ගලයින් නම් මේ ගැන ඉතාමත් කණගාටුවෙන් සිටිනවා. නමුත් අපිට ඉදිරියේදි මේ සදහා හොද විසදුමක් Google සමාගම විසින් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Sources : 9to5google

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara