Nearby Share හරහා එකවර පුද්ගලයන් කිහිප දෙනෙක් සමඟ දත්ත හුවමාරු කිරීමේ හැකියාව ලබා දීමට Google සමාගම සූදානම් වේ

Nearby Share Feature එක සදහා අලුත් Feature එකක් ලබා දිමට Google සමාගම විසින් කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.

Nearby Share හරහා එකවර පුද්ගලයන් කිහිප දෙනෙක් සමඟ දත්ත හුවමාරු කිරීමේ හැකියාව ලබා දීමට Google සමාගම සූදානම් වේ

පසුගිය වසරේ ජුලි මාසයේ දි පමණ Google සමාගම විසින් නිල වශයෙන් Nearby Share Feature එක Android Devices සදහා ලබා දෙන්න කටයුතු කරනු ලැබුවා. ඒ වගේම පසුගිය මාසයේදි ( පෙබරවාරි ) Nearby Share Feature එක මගින් Android apps දුරකතන අතර හුවමාරු කර ගැනීමේ පහසුකම ලබා දිමත් සිදු කරනු ලැබුවා.

මේ වන විට මේ Nearby Share Feature එක සදහා අලුත් Feature එකක් ලබා දිමට Google සමාගම විසින් කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ Nearby Share Feature එක මගින් එකවර පුද්ගලයින් කිහිපදෙනක් සමග Files Share කර ගැනිමේ හැකියාව ලබා දිමයි. මේ පිළිබඳ XDA Developers වෙබ් අඩවියේ Chief Editor වෙන Mishaal Rahman විසින් ඔහුගේ Twitter ගිණුම ඔස්සේ ද තොරතුරු පල කර තිබෙනවා.

දැනට Nearby Share මගින් එකවර එක් පුද්ගලයෙක්ට පමණක් Files යැවිමේ හැකියාව පවතින අතර මේ Feature එක මගින් එක පුද්ගලයෙක්ට එකවර වෙනත් පුද්ගලයින් 04 දෙනෙකු වෙත Files යැවිය හැකි වෙනු ඇත.

තවමත් මේ Group Transfers Feature එක ලබා දෙන දිනයක් පිළිබඳ නිල වශයෙන් සදහන් වි නොමැති වුවත් දැනට පලවෙන තොරතුරුවලට අනුව මේ Feature එකත් ඉක්මනින්ම Google Nearby Share සදහා ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source : XDA Developers, Mishaal Rahman

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara