Google Wallet bet සංස්කරණයෙ​හි Digital state ID cards විශේෂාංගය අත්හදා බැලීමට කටයුතු කර​යි

ඩිජිටල් ලෝකයක ජීවත් වන අපගේ සියලු තොරතුරු මේ වන විටත් ඩිජිටල්කරණය වෙමින් සහ ඩිජිටල්කරණය වි තිබෙන බව ඔබ අප සියලු දෙනාම හොදින් දන්නා කරැණක්. ඒ අනුව මේ වන විට Apple සමාගම සහ Google සමාගම් විසින් ඔවුන්ගේ Digital Wallet සදහා ID Cards Add කිරිමේ පහසුකම ලබා දී තිබෙනවා.

ඒ අනුව මේ වන විට Apple සමාගම විසින් Maryland, Colorado සහ Arizona ප්‍රාන්ත සදහා මෙලෙස Apple Wallet App එක සදහා ID Cards Add කර භාවිත කිරිමේ හැකියාව ලබා දී තිබෙනවා. වාර්තා වන නවතම තොරතුරුවලට අනුව Google සමාගම විසිනුත් ඔවුන්ගේ Google Wallet App එක සදහා මෙලෙස ID Cards Add කර භාවිත කිරිම පිළිබඳ මේ වන විට කටයුතු සිදු කරමින් සිටිනවා.

වාර්තා වන නවතම තොරතුරුවලට අනුව Google සමාගම විසිනුත් Maryland ප්‍රාන්තය සදහා ඔවුන්ගේ Google Wallet එක සදහා ID Add කිරිමේ පහසුකම Beta සංස්කරණයක් ඔස්සේ ලබා දී ඇති බවට දක්වන්න පුලුවන්.

Image : The Verge

ඒ අනුව මෙය ප්‍රාන්ත ID Cards Add කිරිම සදහා සහය දක්වනු ලබන අතර මේ විශේෂාංගය භාවිත කිරිම සදහා නව Google Pixel Device එකක් හෝ Samsung Galaxy S20 හෝ නව Samsung Galaxy Device එකක් අවශ්‍ය වනු ඇති බවත් දැක්වෙනවා. මීට අමතරව මෙය සදහා සහය දැක්වීමට නම් Android 8.0 හෝ එයට වඩා අලුත් Android Version එකක් තිබිම ද අවශ්‍ය වනු ඇත.

තවමත් Beta සංස්කරණ අවධියේ පවතින Google Wallet එකට ID Add කිරිමේ පහසුකම ඉතා ලගදිම තවත් ප්‍රාන්තවලදී භාවිත කිරිමට හැකි වෙනු ඇත.

Image : Google

නව තාක්ෂණයන්ට හුරු විමට යම්තාක් දුරට මැලිකමක් දක්වන අප වැනි රටවල් සදහාත් ඉදිරි අනාගතයේ කෙදිනක හෝ මෙවැනි විශේෂාංග එම සමාගම් විසින් නිල වශයෙන් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු තබා ගත හැකියි.

Sources: theverge.com gsmarena.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara