Google Phone App එක සඳහා FaceTime මෙන් Video Call Feature එකක් හඳුන්වා දීමට සුදානම් වේ

Google සමාගම විසින් Apple සමාගම මෙන් Google Phone App එක ඔස්සේ Video Call ගැනිමේ පහසුකම ලබා දීමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

Google Phone App එක සඳහා FaceTime මෙන් Video Call Feature එකක් හඳුන්වා දීමට සුදානම් වේ

Google සමාගම විසින් Apple සමාගම මෙන් Google Phone App එක ඔස්සේ Video Call ගැනිමේ පහසුකම ලබා දීමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ඒ Apple සමාගම විසින් ඔවුන්ගේ iPhone dialer එක ඔස්සේ FaceTime හරහා Video Call ලබා ගැනිමට ලබා දී ඇති හැකියාවට සමාන ආකාරයටයි.

Google සමාගම විසින් මෙලෙස Video Call ලබා ගැනිමේ පහසුකම ලබා දීමට සුදානම් වන්නේ Google Meet ඔස්සේ වන අතර සාමාන්‍ය Phone Call එකකදී පහත ඡායාරුපයේ පරිදි “Video call” ලෙසින් නව Button එකක් Display වන අතර ඒ ඔස්සේ Video Call එක ආරම්භ කළ හැකි වනවා.

Image Source- Android Authority

ඔබ ඇමතුම ගන්නා පුද්ගලයා සතුව Google Meet app එක නොමැති නම් පහත ඡයාරුපයේ පරිදි Google Meet සඳහා Invite එක Message එකක් ඔස්සේ යැවිමේ හැකියාව ලැබෙනවා.

Image Source- Android Authority

මේ නව Video Call පහසුකම Beta Version ඔස්සේ පරික්ෂා කිරීම් මේ වන විටත් සිදු වක අතර බොහෝ දුරට ඉදිරියේදී මේ විශේෂාංගය නිල වශයෙන්ම හඳුන්වා දීමට Google සමාගම කටයුතු කරනු ඇතැයි බලපොරොත්තු වන්න පුලුවන්. ඒ වගේම මෙය Apple සමාගම විසින් iPhones සඳහා ලබා දි ඇති FaceTime මෙන් Android පරිශිලකයින් විසින් Video Calls ලබා ගැනීමට භාවිත කරන WhatsApp වැනි Third-party Apps සඳහා හොද විසදුමක් වනු ඇතැයි ද දක්වන්න පුලුවන්.

Source: www.androidauthority.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna