Google IO Extended 2022 Sri Lanka event එක පැවැත්වෙන බවට Dialog ආයතනය නිල වශයෙන් නිවේදනය කර​යි

Google IO Extended 2022 Sri Lanka event එක පැවැත්වෙන බවට Dialog ආයතනය නිල වශයෙන් නිවේදනය කර​යි

සෑම වසරකම පාහේ Google සමාගම විසින් ඔවුන්ගේ නව නිෂ්පාදන හා නව තාක්ෂණයන් එළිදැක්වීමට මෙන්ම ඉදිරි නිෂ්පාදන පිළිබඳව තොරතුරු දනුම්වත් කිරීම සඳහාත් පවත්වනු ලබන Google I/O Event එක මෙම වසරේ මැයි 11 වන දින මැයි 12 වන දින දක්වා පවත්වන බව Google සමාගම විසින් නිල වශයෙන් නිවේදනය කළ බවත් මේ සඳහා ලියාපදිංචි වන ආකරයත් අපි මීට පෙර ඔබ වෙත ගෙන ආවා මතක ඇති.

මේ Google I/O Event එකට සමගාමීව ශ්‍රී ලංකාවේත් Good I/O Event එකක් Dialog Axiata සමාගම, Ideamart සහ GDG Sri Lanka ආයතන සමඟ එක්ව සංවිධානය කරනු ලබනවා.

2016, 2017 සහ 2018 දී මේ Google I/O Extended Sri Lanka Event එක අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර, 2016 වසරේ Google I/O Extended හි Main Keynote එකේදී Google සමාගමේ CEO වන Sundar Pichai මහතා විසින් පැවසූයේ USA හි ඇති Main Event එක හැරුණු කොට විශාලතම සහ අති උත්කර්ශවත් Event එක පැවැත්වෙනුයේ ​ශ්‍රී ලංකාවේ බවයි.

That moment when you heard "Sri Lanka" on the big stage

තවද 2018 වසරේ පැවැත් වූ Google I/O Extended Sri Lanka Event එකට එක් කළ නව අංගයක් වූ I/O Awards නම් සම්මාන උළෙලෙහි Android වැඩකාරයෝ අපට 2018 වසරේ විශිෂ්ඨතම තාක්ෂණික පුවත් සපයන්නාට හිමි සම්මානයත් දිනා ගැනීමට හැකි වූවා.

කෙසේ නමුත් 2019දී ශ්‍රී ලංකාවේ පැවති තත්වය හේතුවෙන් මේ Google I/O Extended Event එක Social media ඔස්සේ Live Stream එකක් මඟින් ගෙන ඒමට Dialog ආයතනය කටයුතු කළ අතර, ඔබට එය පහතින් නැරඹීමට පුළුවන්.

Google I/O Extended 2019

2020 සහ 2021 වසර වලදී පැවති වසංගත තත්වය හේතුවෙන් මේ Event එක USA වලත් physical ආකාරය​ට නොපැවැත්වූ අතර 2022 වසරේදී Google සමාගම විසින් මෙය මැයි 11,12 යන දිනයන්හීදී පැවැත්වෙන බව නිවේදනය කිරීමත් සමඟ Dialog ආයතනය විසින් Facebook Post එකක් පළ කරමින් මෙවර ශ්‍රී ලංකාවේ Google I/O Extended 2022 Event එක පැවැත්වීමට නියමිත බව නිවේදනය කළේ ය.

මේ Google I/O Extended 2022 Sri Lanka Event එක පැවැත්වෙන ආකාරය හා තවත් තොරතුරු ලද සැණින් Android වැඩකාරයෝ අපි ඔබ වෙත ගෙන එන්නම්. සුභ දවසක්!

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna