ChatGPT පරදවන Google සමාගමේ Gemini ගැන ඔබ දැන ගත යුතුම විස්තර

ChatGPT පරදවන Google සමාගමේ Gemini ගැන ඔබ දැන ගත යුතුම විස්තර

2023 වසර කියන්නෙ Generative AI Models ලෝකය පුරාම ජනප්‍රිය වුණු අවුරුද්දක්. Gemini කියන්නේ Google සමාගම විසින් එලිදැක්වූ නවතම සහ විශාලතම Language Model එකයි. මෙය මෙම වසරේ පැවැත්වුණු Google I/O Developer Conference එක තුල ප්‍රකාශ කල අතර දෙසැම්බර් 09 සිට Google Bard සඳහා Gemini Model එක සහය දක්වන බව Google සමාගම ප්‍රකාශ කලා.

මෙහි තිබෙන විශේෂත්වය වන්නේ දැනට ලෝකයේ ජනප්‍රියම Language Model එක වන OpenAI ChatGPT 4 වලට ඉතා හොද තරගයක් ලබා දීමට ඇති හැකියාවයි.

Gemini සතු හැකියාවන් ගතහොත් Text Generation, පරිවර්තනයන්, නිර්මාණාත්මක ලිවීම් සහ ප්‍රශ්න සදහා පිළිතුරු සැපයීම් ඇතුළු පුළුල් පරාසයක දත්ත හැසිරවීමට හැකියාව තියෙනවා. තවද Gemini විසින් Alpha Code 2 නමින් නව Text Generation එකක් භාවිතා කරන අතර එමගින් 85% ක් වූ මානව හැකියාවන් ප්‍රමානයක් සිදු කිරීමේ හැකියාවද පවතිනවා. මේ නිසා දත්ත ලබාදීමේ පරාසය වැඩි කිරීමටද Gemini වලට හැකියාව තියෙනවා.

මේ සදහා භාවිතා කළ හැකි සහයන් ලෙස කේත වේගයෙන් සහ කාර්යක්ෂමව ලිවීම (Coding), කවි, පිටපත්, සංගීත කොටස් නිර්මාණය සහ අධ්‍යාපන පුහුණුව (Training) දක්වන්න පුළුවන්. 

Gemini AI Model එක Variants 3 කින් නිකුත් කල අතර ඒවා Ultra, Pro සහ Nano වේ.

Largest ම model එක වන Ultra වලට Complexity tasks ගණනාවක් කිරීමේ හැකියාව ඇති බව Google සමාගම ප්‍රකාශ කරනවා. ඒවගේම Nano මගින් On Device Tasks වලට මුල් තැන ලබාදීලා තියනවා. 

දෙසැම්බර් 13 වනදා සිට Google AI Studio සහ Google Cloud Vertex AI මඟින් Gemini models, Applications වලට එක් කිරීමේ හැකියාව තියෙනවා.

මෙම Gemini නිකුත් වීමත් සමඟ Gemini සහ GPT4 අතර ඉදිරියේදී හොද තරඟයක් දැක ගන්න පුළුවන්.

Source: blog.google

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara