Google සමාගමේ දැඩි නීතිමය කටයුතු හේතුවෙන් YouTube Vanced සේවාව නවතා දැමීමට කටයුතු කර​යි

Google සමාගමේ දැඩි නීතිමය කටයුතු හේතුවෙන් YouTube Vanced සේවාව නවතා දැමීමට කටයුතු කර​යි

Youtube Vanced කියන්නේ මේ වෙන විට අතිශය ජනප්‍රියත්වයට පත්වෙලා තියෙන Android Youtube App එක සදහා ආදේශකයක් වුණ 3rd Party Mod App එකක් විදිහට සරලව හදුන්වා දෙන්න පුලුවන්. ඉතින් Android වැඩකාරයෝ අපිත් එක්ක නිතරම ඉන්න ඔබ නම් මේ වෙන විටත් දන්නවා මොකක්ද මේ Youtube Vanced App එක කියනනේ වගේම බොහෝ දුරට භාවිතා කරනවාත් වෙන්න පුලුවන්. මේ ගැන නොදන්න අයට අපි මීට පෙර Youtube Vanced App එක ගැන ගෙනාපු ලිපිය කියවන්න පුලුවන්.

කෙසේ වෙතත් මේ අතිශය ජනප්‍රිය Youtube Vanced App එක නවතා දමන බව එහි සංවර්ධකයින් විසින් ඔවුන්ගේ නිල Twitter ගිණුම ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.

‌‌මෙයට හේතු ලෙස මොවුන් දක්වා තිබෙන්නේ Google සමාගම මගින් එල්ල වෙන නීතිමය බලපෑම් නිසා මෙලෙස Vanced Project එක ඔවුන් විසින් නවතා දමන බවයි. ඒ වගේම ඉදිරියේදි මෙම App එක Download කර ගැනිම සදහා ඔවුන් විසින් නිල වශයෙන් ලබා දී තිබෙන Links ද ඉවත් කරන බවත් ඔවුන් වැඩි දුරටත් දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් මෙලෙස Vanced Project එක නවතා දැමුවද මේ වෙන විටත් Youtube Vanced App එක භාවිත කරන්නන් සදහා කිසිදු ගැටලුවකින් තොරව භාවිත කළ හැකි අතර ඉදිරියේදි මේ App එක සදහා Update ලැබිම සිදු නොවෙනවා. ඒ අනුව යම් කාලසීමාවකට පසුව මේ App එක භාවිතා කිරිමේ හැකියාව නොලැබි යනු ඇත.

කෙසේ වෙතත් ඔවුන් විසින් සටහන් කර ඇති ආකාරයට මෙලෙස Vanced Project එක නවතා දැමුවද ආසන්න වශයෙන් වසර 02ක් පමණ යනතුරු මේ Youtube Vanced App එක දැනටමත් භාවිත කරන පුද්ගලයන් සදහා භාවිත කිරිමේ හැකියාව ලැබෙනු ඇත.

Source: The Verge

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara