Android KitKat සඳහා සියලුම ආකාරයේ Google Play සේවාවන් සඳහා වූ සහය නවතා දමයි

2023 අගෝස්තු මස සිට Android KitKat Install කර ඇති Smartphones සහ Tablets සඳහා Google Play Services සහාය නොදක්වන බව නිවේදනය කොට තිබෙනවා.

Android KitKat සඳහා සියලුම ආකාරයේ Google Play සේවාවන් සඳහා වූ සහය නවතා දමයි

Android KitKat යනු, නිකුත් කර වසර දහයකට පසුවත් වර්තමානය වන විටත් යාවත්කාලීන ලැබෙමින් වලංගුව තිබූ මෙහෙයුම් පද්ධතියකි. දැනටත් ලොව පුරා ඇති සක්‍රීය Android Devices වලින් 1%ක ප්‍රමාණයක් පමණ Android KitKat වර්තමානයේදීත් භාවිතා කරනු ලබනවා.

Android Developers Blog එකෙහි පළ වූ ලිපියකට අනුව මේ මස (2023 අගෝස්තු) සිට Android KitKat Install කර ඇති Smartphones සහ Tablets සඳහා Google Play Services සහාය නොදක්වන බව නිවේදනය කොට තිබෙනවා.

මේ හරහා Android KitKat ඇති Devices සඳහා කිසිදු App Update එකක් මින් ඉදිරියට නොලැබෙන අතර දැනට භාවිතා කරන Apps සඳහා ඒ හේතුවෙන් Updates නොලැබෙන නිසා කාලයත් සමඟ තවදුරටත් භාවිතා කිරීමට නොහැකි තත්වයට පත්වෙනවා.

Source: gsmarena.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna